උසාවියට ගෙනෙද්දී පැනපු ‘ආවා’ නිශාන්තන් යළි අල්ලයි

  👤  3360 readers have read this article !
By mawbima 2017-11-20

ආවා කල්ලියේ දෙවැනි පෙළ නායකයා වූ සත්‍යවේල්නාදන් නිශාන්තන් හෙවත් 'නිශා වික්ටර්' නමැති සැකකරු මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණයෙන් මිදී ඉකුත් 17 වැනි දින පලාගොස් තිබේ.

අනතුරුව පොලිස් කණ්ඩායම් කිහිපයක් එම සැකකරු සොයා යාපනය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර එදින පස්වරුවේ ඔහු යළිත් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු 'මව්බිම'ට පැවැසීය.

යාපනය-කෝපායි, කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු පලාගොස් ඇත්තේ එදින අධිකරණයට රැගෙන ගිය අවස්ථාවේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon