බැඳුම්කර කොමිසමෙන් හෙළිවුණු දේශපාලකයන්ට තරු පෙනුණු මරු කෝල් ටික

  👤  4193 readers have read this article !
By mawbima 2017-11-19

බැඳුම්කර මගඩිය පිළිබඳව එතෙක් මෙතෙක් හෙළිවූ කුප්‍රකට තොරතුරු සමුදායට අමතරව තවත් රහස් තොරතුරු රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂකවරයෙකු ඉකුත් බ්‍රහස්පතින්දා (16දා) කොමිසම හමුවේ හෙළිකර සිටියේය. ඒ කිසිවකුටත් ප්‍රතික්‍ෂේප කළ නොහැකි විද්‍යාත්මක හා පරිවේශනාත්මක දත්ත සටහන් ද සමඟිනි.

ඒ වෝහාරික විද්‍යා (ඡ්ච්අඡ්ව්ඉධ්ඛ් ඉඛ්ධ්ඡ්ව්ඛ්ඡ්) පරීක්‍ෂණ හරහා රහස් පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කරගත් තොරතුරු අතර ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පැවැති දිනවලදී අගමැතිවරයාත් හිටපු මහ බැංකු අධිපතිවරයාත් අතර සිදුව ඇති දුරකතන සංවාදද ඇතුළත් විය.
තවත් පරීක්‍ෂණයකදී අනාවරණය කර ගත්තේ වත්මන් යහපාලන පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශනය සම්බන්ධයෙන් වූ කෝප් (ඛ්ර්ණීර්ථීඡ්) කමිටු විභාගයේදී එම කමිටුවේ සාමාජික මැති ඇමැතිවරුන් 05 දෙනකුම චූදිතයා වූ අර්ජුන් ඇලෝසියස් සමඟ එම පරීක්‍ෂණ පැවැත්වෙන අතරතුර කාලයේදීම සිදුකර ඇති දුරකතන සංවාද ගැනය. එවැනි සංවාද 122ක් පිළිබඳව තොරතුරු රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

එම සංවාදවලට සම්බන්ධව ඇති මැති ඇමැතිවරුන් අතරින් "කුසලානය" දිනා ගෙන ඇත්තේ රාජ්‍ය ඇමැති එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහය.
ඇලෝසියස් සමඟ දුරකතන සංවාද 62ක්ම පවත්වා ඇත්තේ ඔහුය. එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හර්ෂණ රාජකරුණා සංවාද 23ක් ද හෙක්ටර් අප්පුහාමි සංවාද 43ක්ද, නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා සංවාද 02 ක්ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍ය දයාසිරි ජයසේකර දුරකතන සංවාද 02ක් ද චූදිතයා වූ අර්ජුන් ඇලෝසියස් සමඟ එම කාලය තුළ පවත්වා තිබුණු බව හෙළි විය.
ඔවුනොවුන් අතර කිසිදු ගනුදෙනුවක් හෝ කතාබහක්වත් සිදු නොවන්නේ යැයි ජනාධිපති කොමිසම හමුවේ මුසාවක් නොපවසන බවට දිවුරුම් දෙමින් ප්‍රකාශ කර සිටි හිටපු ඇමැති රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රනුත්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියසුත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනත් යන අයවලුන් අතර ප්‍රශ්න ගත බැඳුම්කර වෙන්දේසි සිදුවූ දිනයන්හිදීත් ඒ ආසන්න දිනයන්හිදීත්, දිවා කාලයේ පමණක් නොව ඉන් අනතුරුව රාත්‍රි 8ත් පසුදින උදේ 8ත් අතර කාලය තුළත් සිදුව ඇති දුරකතන සංවාද ගණන 10ක් 15ක් නොව දහස් ගණනක් පිළිබඳව කොමිසම හමුවේ කරුණු අනාවරණය විය.

"විදුනෙත" හරහා රහස් පොලිසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු හමුවේ ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය මහ දවල් කොල්ල කෑමේ යෙදුණු හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ මොළකරුවන්ටත් ඊට සම්බන්ධ වෙමින් මල්ල තර කරගත් දේශපාළුවන්ටත් "තරු" පෙනෙන්නට පටන් ගෙන ඇති බව නම් කිව යුතුමය.
ප්‍රථම ආන්දෝලනාත්මක බැඳුම්කර මගඩිය වාර්තා වූ 2015 පෙබරවාරි 27 වැනි දිනය කළ පමණක් අර්ජුන් මහේන්ද්‍රන්ද්‍ර ගේ දුරකතනය හරහා ආ ගිය දුරකතන පණිවුඩ අතුරින් 08ක්ම අගමැති රනිල් වික්‍රමසිංහ සමඟය.

අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම්, එවකට මුදල් ඇමැති රවි කරුණානායක, ඇමැති සාගල රත්නායක, තම බෑණා වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම් හිමිකාර අර්ජුන් ඇලෝසියස්, මහේන්ද්‍රන්ගේ කටයුතුවලට සහාය වූ බවට ප්‍රකාශ වී ඇති නියෝජ්‍ය අධිපති පී. සමරසිරි, ඇලෝසියස්ගේ දුරකතනයේ නිතර සිටි මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එස්. පදුමනාදන්, මහ බැංකුවේ සේවක අර්ථසාධක අංශයේ බැඳුම්කර ගනුදෙනු මෙහෙයවන්නා වූ ඉන්දික සමන්කුමාර, පර්පචුවල් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යනාදීන් බැඳුම්කර වෙන්දේසිවලදී පර්පචුවල් සමාගම සමඟ හවුල් වී විවිධ අක්‍රමිකතාවන් සිදුකළ බවට කොමිසම හමුවේ ප්‍රකාශ විය. මේ බොහෝදෙනකු සමඟ අර්ජුන මහේන්ද්‍රන් පවත්වා ඇති දුරකතන සංවාද රාශියකි. රහස් පොලිස් පරීක්‍ෂකවරයා දත්ත වාර්තා ඉදිරිපත් කරමින් ඒ බව තහවුරු කර සිටියේය.
රවි කරුණානායක බිරිය වන මෙලනි කරුණානායක හා අර්ජුන් ඇලෝසියස් අතර ඉතා කෙටි කාලයක් තුළ හුවමාරු වූ දුරකතන සංවාද 320ක් හා කෙටි පණිවුඩ 12ක් ගැන ද අනාවරණය විය.

ප්‍රශ්නගත එකී බැඳුම්කර වෙන්දේසියක් පැවැති 2016.04.01 දින පමණක් අර්ජුන මහේන්ද්‍රන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක පලිසේනට දුරකතන ඇමතුම් 07ක් හා කෙටි පණිවුඩ (ඉර්ඉ) 07ක් යොමුකර ඇති බව ද රහස් පොලිස් පරීක්‍ෂක යසංක යෙහාන් ජයසිංහ කොමිසම හමුවේ තහවුරු කර සිටියේය.
එදින එක දිගට තත්පර 199ක් පුරා මහේන්ද්‍රන් කසුන් පලිසේන සමඟ සංවාදයක යෙදී ඇති බව ද ඔහු තහවුරු කළේය.
ඒ මේ තොරතුරු හෙළි වෙද්දී කොමිසම අගමැති වික්‍රමසිංහ මහතා කොමිසම හමුවට කැඳවා වාචිකවම ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කළේය. ඒ අනුව හෙට සඳුදා (20දා) කොමිසම හමුවට අගමැතිවරයා කැඳවනු ලබන්නේය.

කමල් මහේන්ද්‍ර වීරරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon