පුංචි ඡන්දය ගැන ඒකාබද්ධය-ජවිපෙ සාකච්ඡා

  👤  4149 readers have read this article !
By mawbima 2017-11-19

ඩබ්ලිව්.කේ.
ප්‍රසාද් මංජු

පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා නම් ඊට එරෙහිව පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර පළාත් පාලන මැතිවරණය කඩිනමින් ලබාගැනීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂයේත් ජනතා විමුක්ති පෙරමුණේත් අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අතර නොනිල මට්ටමින් සාකච්ඡා සිදු වී තිබෙන බවද දැනගන්නට ඇත.
ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්ගියහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, පාර්ලිමේන්තුවේ හඬ නැඟීම, ජනතාව දැනුවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වෙන බවද වාර්තා වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon