උණුදිය උල්පත්වලින් විදුලිය හදන කෙනෙක් ඉන්නවා නම් මං ගාවට එන්න

  👤  3396 readers have read this article !
By mawbima 2017-11-15

භූ තාක්ෂණයෙන් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කළ හැකි අයකු සිටී නම්, වහාම තමා දැනුවත් කරන්නැයි, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා) ඉල්ලීමක් කළේය.

"එවැනි හැකියාවක් ඇති අය, ඒ ගැන සමාජ වෙබ් අඩිවිවල දාලා වැඩක් නැහැ. එන්න මට ඇවිත් කියන්න. රුපියල් 23.10 ගණනේ අපිට විදුලිය මිලදී ගන්න පුළුවන්. ඉඩම් අවශ්‍ය නම්, ඒ සඳහා ඉඩම් ලබා දෙන්නත් පුළුවනි. උණුදිය උල්පත්වලින් විදුලිය නිපදවන්න පුළුවන් අයකු ඉන්නව නම්, හෙටම ඇවිත් මා හමුවන්න" යැයි නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති (ජ.වි.පෙ.) කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය.
උණුදිය උල්පත්වලින් විදුලිය නිපදවා ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ ක්‍රමයක් ශ්‍රී ලාංකිකයකු විසින් සොයාගෙන තිබෙන බවත්, ඒ සම්බන්ධව රජය නිසි ප්‍රතිචාර දක්වා නොමැති බැවින්, ඔහු කම්පාවට පත්ව, රට හැර යෑමට සූදානම් වන බවට සමාජ වෙබ් අඩවිවල දක්නට ලැබුණු බව ගලප්පත්ති මන්ත්‍රිවරයා පැවැසීය.
නියෝජ්‍ය ඇමැති - වෙබ් අඩවිවල දාලා වැඩක් නැහැ. ඇවිත් මා හමුවන්න.

කතානායක - තවම රටින් පිටවෙලා නැහැනේ?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්