කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ මාස 2ක කුලිය බෞද්ධ පුස්තකාලයට වෙන් කළ මුදලට සමානයි

  👤  3336 readers have read this article !
By mawbima 2017-11-15

දයා පෙරේරා,
ජේ. ටී. ද සිල්වා

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරේරා මහත්මියට අයත් ගොඩනැඟිල්ලක් වෙනුවෙන් මාස දෙකක් සඳහා ගෙවන කුලිය, මෙවර අය-වැයෙන් බෞද්ධ පුස්තකාලයක් ඉදිකිරීම සඳහා වෙන්කළ මුදලට සමාන යැයි, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ගොඩනැඟිල්ල සඳහා කුලී ගෙවනු ලැබුවද, මෙතෙක් කාර්යාල කටයුතු පවත්වාගෙන නොයන, රාජගිරියේ පිහිටි මෙම ගොඩනැඟිල්ලට දින ‍ෙදාළහකට ගෙවන කුලිය කලාකරුවන් සඳහා රක්ෂණ ආවරණයක් ලබාදීමට අය-වැයෙන් වෙන් කරන ලද මුදලට සමාන බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

පොළොන්නරුවේ මාතෘ හා ළමා ඒකකයක් සෑදීමට අය-වැයෙන් වෙන් කළ මුදල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් ලබාගෙන ඇති එම ගොඩනැඟිල්ල සඳහා ගෙවන මාස දෙකක කුලියට සමාන බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්