ව්‍යවස්ථා යෝජනාව නීත්‍යනුකූල නැති බව විජයදාස දැන සිටියේ නැද්ද?

  👤  3537 readers have read this article !
By mawbima 2017-11-15

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිළිබඳ යෝජනාව 2016 මාර්තු 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේම හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වන බැවින් එම අවස්ථාවේදී තමන් ඉදිරිපත් කළ යෝජනාව නීත්‍යනුකූල නොවන බව දැන නොසිටියේ මන්දැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රශ්න කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ රැස්වීම්වලින් 50%කටත් වඩා වැඩි සංඛ්‍යාවකට විජයදාස රාජපක්ෂ මහතා සහභාගි වූ බවත් එම මෙහෙයුම් කමිටුවේ දෙවැනි අතුරු වාර්තාවේ කොටසක් කෙටුම්පත් කරනු ලැබුවේ ඔහු විසින් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා 'මව්බිම'ට පැවැසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය මෙතරම් දුරක් පැමිණ ඇති මොහොතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිළිබඳ යෝජනාව අවලංගු කරන්නැයි ඉල්ලමින් විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත කරන ලද ඉල්ලීම් පිළිබඳ ප්‍රතිචාර දක්වමින් සුමන්තිරන් මහතා මේ බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්