විභාග කොමසාරිස් අධ්‍යාපන අමාත්‍යාංශයට මාරු කරයි

  👤  3493 readers have read this article !
By mawbima 2017-11-15

කුමුදු උපුල් ශාන්ත

විභාග කොමසාරිස් ජනරාල් වයි.එම්.ජේ. පුෂ්පකුමාර මහතා ඊයේ (14දා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ.ප්‍රශ්න පත්‍ර සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට සහාය දැක්වීමක් වශයෙන් මෙම මාරු කිරීම සිදුකර ඇති බව අනාවරණය වෙයි.

එසේම මීට ඉහතදී රාජකාරි පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා මත විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශයේ ප්‍රධානිවරයාගේ වැඩ තහනම් කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්