ඒකාබද්ධය තනියම තරගකරන්න තීන්දු කරයි

  👤  3414 readers have read this article !
By mawbima 2017-11-15

ඉෂාරා සිල්වා

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පුළුල් සන්ධානයක් යටතේ තනිව තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඊයේ තීරණය කොට තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා වෙත කොන්දේසි 7ක් දක්වමින් යැවූ ලිපියට මෙතෙක් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියෙක් පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර ඊයේ (14දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව තීරණය ගෙන ඇත.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් මෙතෙක් ආණ්ඩුවෙන් ඉවත් නොවීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සියලු දෙනාගේ තීරණය වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කළ යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්