මෙවර අය-වැය ඉලක්කය ජනතා සුබ සාධනය හා රටේ සංවර්ධනයයි

  👤  3327 readers have read this article !
By mawbima 2017-11-15

ජනතාවගේ සුබසාධනය සහ රටේ සංවර්ධනය ඉලක්ක කරමින් මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙන බව පවසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සුබසාධනයත්, සංවර්ධනයත් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (13දා) අරලියගහ මැඳුරේදී පැවැති "සැමට සෙවණ" නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

නිවාස හා ඉදිකිරීම් අමත්‍යාංශය විසින් මෙහිදී බදු ඔප්පු, විකුණුම් ගිවිසුම් හා කොස්ගම සාලාව ණය ආධාර වශයෙන් පවුල් 2300කට නිවාස හිමිකම් ඔප්පු හා මූල්‍යාධාර ලබාදීම සිදු කෙරිණි. මේ වැඩසටහන යටතේ පවුල් 2372කට රුපිලය් මිලියන 260.85ක වියදමින් නව නිවාස හිමිකම් ඔප්පු හා මූල්‍යාධාර ලබාදීම සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අහදස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

මීට පෙර පැවැති ආණ්ඩු යටතේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරදීම හැර අනෙකුත් සියලුම කටයුතු සිදු කර තිබුණා. නමුත් ජනතාවට නිවෙසක හෝ ඉඩමක අයිතිය ලබාදීමට ඉඩම් පිළිබඳ ගැටලු විස¼දා ගැනීමට ඔවුන් කටයුතු කර තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ මෙම අමාත්‍යාංශය එම සියලු ගැටලු විස¼දා දෙමින් ජනතාවට නිවාස ඉදිකර දීමේ වැඩ කටයුතුද සිදු කරමින් සිටිනවා.

මංගල සමරවීර මුදල් අමාත්‍යතුමා ජනතාවගේ සුබසාධනය සහ රටේ සංවර්ධන ඉලක්ක කරමින් 2018 සඳහා වන අය වැය ඉදිරිපත් කර තිබෙනවා. මෙම අය වැයම හරහා ද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට මෙම වැඩකටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය වෙන් කර දී තිබෙනවා. ජනතාවට සුබසාධනය සැලසීමත්, රටේ තරුණ පරම්පරාවට රැකියා අවස්ථා බිහි කර දීමත් අපේ ප්‍රධාන අරමුණයි. සුබසාධානයත්, සංවර්ධනයත් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට අප බලාපොරොත්තු වෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අප ජාතික ආණ්ඩුව පිහිටුවා සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය භාර ගන්නා අවස්ථාව වන විට රට විශාල ණය අර්බුදයකට මුහුණ දී තිබුණා. යුද්ධය අවසන් වී ගතවූ වසර 5ක කාලය තුළ එදා සිටි පාලකයන් මුදල් ඉතිරි නොකර, විශාල ණය ලබා ගනිමින් වියදම් ඉහළ දැමීම නිසා අප ආණ්ඩුව භාර ගන්නා කාලය වන විට එම ණය පියවීමට රටේ ආදායම ප්‍රමාණවත් නොවන මට්ටමකට පැමිණ තිබුණා.
එවිට රටේ සංවර්ධනය හෝ නිවාස ඉදිකිරීම පිළිබඳව අවධානය යොමු කිරීමටවත් නොහැකි තත්ත්වයක් ඇති වී තිබුණා. බොහෝ දෙනෙක් කියා සිටියේ අපට ආණ්ඩුව වැඩි කලක් පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇති බවයි. නමුත් එම අභියෝගය අපි භාරගත්තා.

නමුත් අපි බලාපොරොත්තු වන්නේ ස්ථීර රැකියා අවස්ථා බිහි කිරීමයි. ස්ථීර රැකියා බිහි කිරීමට නම් අලුතින් කර්මාන්තශාලා බිහි කළ යුතුයි. සංචාරක කර්මාන්තය, මූල්‍ය ක්ෂේත්‍රය, රටේ සේවා අංශය, තොරතුරු තාක්ෂණය දියුණු කළ යුතුව තිබෙනවා. මේ සියලු අංශයන්වල දියුණුව හරහා වෙළෙ¼දාම ඉහළ නංවා රටේ ආදායම වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ හරහා රටේ ප්‍රවාහන සේවය දියුණු වෙනවා. අපේ බලාපොරොත්තුව වන්නේ රටේ මෙවැනි දියුණුවක් ඇති කරමින් රට තුළ රැකියා අවස්ථා බිහි කිරීමයි.
ජාතික ආණ්ඩුවේ ප්‍රතිඵල ජනතාවට ලබාදීමට අපට හැකි වී තිබෙනවා. 2018 වසර අවසන් වන විට මීටත් වඩා සාර්ථක ප්‍රතිඵල ජනතාවට ලබාදීමට අපිට හැකි වෙනවා. 2019 වසර ඊටත් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාදෙන වසරක් වන බව කිව යුතුයි. අප වැඩකටයුතු සිදු කරන්නේ එම සාර්ථකත්වය බලාපොරොත්තුවෙනුයි.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා,

දේශපාලන බල ක්ෂේත්‍රය දෙස අද බලන විට කොටසක් දේශප්‍රේමියෝ ලෙසත් තවත් කොටසක් දේශද්‍රෝහියෝ ලෙසත් ප්‍රකාශ කරනවා. රටේ ජනතාව තීරණය කරාවි සැබෑ දේශප්‍රේමියා කවුද සැබෑ දේශද්‍රෝහියා කවුද කියලා.

2009 සිට 2015 කාලය තුළ යුද්ධයක් නොමැති නිසා යුද්ධයට වෙන්කළ මුදල් මොනවටද වියදම් කළේ? ඒ සල්ලි ගියේ කාගේ පොකැට්ටුවටද? කවුද මේ මුදල් ගසා කෑවේ? කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඉතුරු වුණා. මේ සල්ලි යොදාගෙන නිවාස හදන්න බැරි වුණේ ඇයි? මෙයට උත්තර සොයන විටදී නියම දේශප්‍රේමියයි දේශද්‍රෝහියයි කවුද කියලා ජනතාවට අවබෝධ කරගන්න හැකිවේවි. අද බොහෝ දෙනා හිතන්නේ ජාතික ඇඳුම ඇඳගෙන සාටකයක් දාගෙන යන යන තැන්වලදී දූ දරුවන් සිප ගත්තම, පපුවට ගහගද්දී එයා දේශප්‍රේමියෙක් කියලයි.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර
ඡායා - අමිත තෙන්නකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්