අපේ රටේ සංක්‍රමණික ජාවාරම මැ¾ඩීමට විශේෂ ආරක්ෂණ යාන්ත්‍රණයක් සකසනවා

  👤  3328 readers have read this article !
By mawbima 2017-11-15

චාමර අමරසූරිය

මෙරට තුළ සංක්‍රමණික ජාවාරම මැඬලීමට සහ දේශසීමා ආරක්ෂණය සඳහා විශේෂ යාන්ත්‍රණයක් සකස් කරන බව අග්‍රාමාත්‍යකාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.
සංක්‍රමණික ජාවාරම මැඬලීම පිළිබඳ කොළඹ කින්ස්බරි හෝටලයේ ඊයේ (14දා) පැවැති වැඩමුළුවක් අරඹමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ඕස්ට්‍රේලියාවේ උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය දැනට ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජාවාරම පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර ඒ යටතේ කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ යටතේ බටහිර සහ වයඹ වෙරළ තීරයේත් දකුණු වෙරළ තීරයේත් මෙම ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තොරතුරු අප සතුව තිබෙනවා. ඒ අනුව එම ජාවාරම්කරුවන් සහ ඔවුන් වටා ක්‍රියාත්මක වන තවත් දූෂිත ක්‍රියා රැසක්ද අනාවරණය වී තිබෙනවා. උදාහරණ ලෙස විදෙස් ගමන් බලපත්‍ර හොරෙන් සැකසීම, අදාළ අංශවල නිලධාරීන්ට අල්ලස් ලබාදීම ආදිය හඳුන්වන්න පුළුවන්. මේ සියල්ල වැළැක්වීමට පුළුවන් ක්‍රමවේදයක් සැකසිය යුතු වෙනවා.

එසේම ඔස්ට්‍රේලියාව සමඟ මෑතකදී මේ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අස්සන් කරනු ලැබූ අතර ඒ අනුව එම රජය සමඟ මේ සම්බන්ධව මනා අවබෝධතාවයෙන් යුක්තව කටයුතු කිරීමට අප රජය ක්‍රියා කරනවා. එමඟින් සංක්‍රමණික ජාවාරම්කරුවන්ට හසුවුවත් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන අතර ජාවාරම්කරුවන්ගේ යාන්ත්‍රණය බිඳදැමීමට අවශ්‍ය තොරතුරු දෙරට අතර හුවමාරු කරගැනීමටද හැකියාව ලැබෙනවා.

මෙම සංක්‍රමණික ජාවාරම තනි තනිව සිදුවන අපරාධයකට වඩා අන්තර්ජාතික වශයෙන් සිදුවන සංවිධානාත්මක අපරාධයක් බවට මෙය පත්ව තිබෙනවා. ඒ නිසා අන්තර්ජාතික පොලිසිය වැනි ආයතනවල මනා සම්බන්ධතාව අපිට වඩාත් වැදගත් වෙනවා යැයි අමාත්‍යවරයා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්