ඇල්ල දුම්රිය ස්ථානයට මහජන බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක්

  👤  3341 readers have read this article !
By mawbima 2017-11-15

උදයන්ති මුණසිංහ

මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ඒඊර්) ඇල්ල දුම්රිය ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණි. දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවාවන් පහසුවෙන් සහ කාර්යක්ෂමව දුම්රිය ස්ථානයන්හිදී සිදු කර ගැනීමට අවස්ථාව උදා කරමින් මහජන බැංකුව ප්‍රවාහන අමාත්‍යාංශය හා එක්ව දිවයින පුරා මහජන බැංකුවේ මුදල් තැන්පතු යන්ත්‍ර (ඛ්ච්ර්) සහ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර (ඒඊර්) 100ක්, දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ස්ථාපිත කෙරිණි. සංචාරක කේන්ද්‍රස්ථානයක් වන ඇල්ල දුම්රිය ස්ථානයේ ස්ථාපිත කළ මේ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රයෙන් දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම, ප්‍රදේශවාසීන්ටද වසරේ දින 365 පුරා පැය 24ම මුදල් ලබා ගැනීමේ පහසුකම සලසා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්