ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ඉහළ ප්‍රතිලාභ රැසක් දෙන්න ජනාධිපති තීරණය කරයි

  👤  3421 readers have read this article !
By mawbima 2017-11-15

ආරක්ෂක හමුදා සාමාජිකයන් වෙත ඉහළ ප්‍රතිලාභ රැසක් හිමිකර දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ඒ සඳහා කැබිනට් අනුමතය ලබා ගැනීමෙන් අනතුරුව අදාළ හිමිකම් හා ප්‍රතිලාභ කඩිනමින් ආරක්ෂක හමුදා සාමාජිකයන් වෙත ලබාදීමට නියමිතය.

ඉඳුරාම ත්‍රස්තවාදී නොවන වෙනත් හේතු මත ක්‍රියාන්විත ප්‍රදේශයන්හිදී මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ට මෙන්ම ක්‍රියාන්විත නොවන ප්‍රදේශවල මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටියදී මියගිය හා ආබාධිත වූ රණවිරුවන් සඳහාද මාසික වැටුප් හා දීමනා හිමිකරදීමට කටයුතු කිරීම, ආබාධිතව යුද හමුදා සේවය හැරගොස් ඇති රණවිරුවන්ගේ වයස අවුරුදු 55 දී සේවා විශ්‍රාම වැටුප සියයට 85ක් ලෙස සංශෝධනය වීමේදී අහිමිවී ඇති දුබලතා විශ්‍රාම වැටුප නැවත ලබාදීමට ක්‍රියා කිරීම.

යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්ව සේවා කාලය වසර 10/12ට අඩු සේවා කාලයකින් විශ්‍රාම ගොස් හෝ ඉවත්ව ගොස් ඇති නිලධාරීන් සෙසු නිලයන් හට අහිමිව ඇති විශ්‍රාමික පාරිතෝෂිකය හිමි ගැන්වීමට ක්‍රියා කිරීම, ස්වේච්ඡා බළසේනාවේ සේවය කොට මේ වනවිට විශ්‍රාම ගොස් හෝ මියගොස් ඇති තවදුරටත් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයේ සාමාජිකත්වය ලබාගැනීමට මනාපය පළකිරීමට නොහැකි වූ විශ්‍රාමික සාමාජිකයන්ගේ හා මියගිය සාමාජිකයන්ගේ ප්‍රතිලාභීන් හට නැවත සාමාජිකත්වය ලබාදී ප්‍රතිලාභ හිමිකරදීමට කටයුතු කිරීම එලෙස ඉදිරියේදී හිමිකර දීමට අපේක්ෂිත ප්‍රතිලාභ අතර වෙයි.

මේ අතර නව රජයට බලයට පත්වීමෙන් පසු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ප්‍රතිලාභ රැසක් ලබාදීමට කටයුතු කර තිබෙන අතර 2016-01-01 සිට අදියර 05ක් යටතේ ඒකාබද්ධ වැටුප වැඩි කිරීම, රාජ්‍ය සේවයේ විධායක ශේ්‍රණියේ නිලධාරීන් හට ගෙවනු ලබන රු. 15,000ක දීමනාව 2016-02-23 දින සිට ලුතිනන් කර්නල් නිලයෙන් ඉහළ ජේ‍යෂ්ඨ නිලධාරීන් හටද ලබාදීම, ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ නියුතු නීතිඥ වෘත්තියේ නිලධාරීන් හට රු. 15,000ක වෘත්තීය දීමනාව 2017-07-01 සිට ලබාදීම මේ අතර වෙයි.

එමෙන්ම යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ දුබලතාව සියයට 50ට වඩා අඩුවීම හේතුවෙන් වයස 5 1/2 සහ 20/22ක සේවා කාලයක් සම්පූර්ණ කර මාසික වැටුප් හා දීමනා රහිතව විශ්‍රාම ගොස් හෝ අස්ව ගොස් ඇති රණවිරුවන් වෙත නැවත වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදී දුබලතාව සියයට 20ට වඩා වැඩි සාමාජිකයන් හට මාසික වැටුප් හා දීමනා හිමිගන්වා තිබුණද එම සාමාජිකයන් හට මුල් අවස්ථාවේ විශ්‍රාම හෝ අස්ව ගිය දින සිට බල පැවැත්වෙන පරිදි හිඟ වැටුප් හා දීමනා ගෙවීමට 2017-01-03 වන දින සිට අනුමතය ලබාදී තිබේ.

එම හිඟ වැටුප් ලබාදීම සඳහා වෙන් කරන ලද මුළු මුදල රුපියල් බිලියන 6.3කි.
යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්ව වසර 16-12ට වඩා අඩු සේවා කාලයකින් විශ්‍රාම ගොස් හෝ අස්ව ගොස් ඇති නිලධාරීන් හා සෙසු නිලයන් හට අහිමිව තිබූ සේවා විශ්‍රාම වැටුප් හිමිකම් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කර තිබෙන අතර 2014-12-17 වන දින සිට බලපැවැත්වෙන පරිදි 2016-11-11 දින සිට ගෙවීම සිදුකිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

එමෙන්ම යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ ආබාධිතව වෛද්‍ය හේතූන් මත අස්ව යන රණවිරුවන් හට වයස අවුරුදු 55දී සියයට 85ක් ලෙස සංශෝධනය කර ගෙවනු ලබන විශ්‍රාම වැටුප සියයට සියයක් වන සේ ඉතිරි සියයට 15ක ප්‍රතිශතය රණවිරු සුරැකුම් දීමනාව ලෙස ප්‍රතිලාභියා මියයන තෙක් ගෙවීම සඳහා 2017-01-01 දින සිට අනුමතය ලබාදී තිබේ.

2006-01-01 දිනට පෙර විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප 6/2006 (ඪම) වැටුප් සංග්‍රහයට අනුව සංශෝධනය කර 2015-07-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි විශ්‍රාම වැටුපක් ලබාදීමටද කටයුතු කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්