වැස්සෙන් කිලිනොච්චියේ හානි වූ ගම්මානවල මාර්ග හදන්නැයි ඉල්ලා විරෝධතා

  👤  3335 readers have read this article !
By mawbima 2017-11-15

මුලතිව් - ශෂි කුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ පච්චිලෙයිපල්ලි ප්‍රදේශයේ මාර්ග දැඩි සේ අබලන් වීම හේතුවෙන් එම මාර්ග පිළිසකර කර දෙන මෙන් ඉල්ලා පච්චිලෙයිපල්ලි ලේකම් කාර්යාලය ඉදිරිපිටට එක්වූ ගම්වැසියෝ ඊයේ 14දා විරෝධතාවක නිරත වූහ.

මීට මාස හයකට ඉහතදී තමන්ගේ ගම්මානවලට යන මාර්ග අලුත්වැඩියා කර දෙන මෙන් ඉල්ලමින් විරෝධතාවක් ක්‍රියාත්මක කළ අවස්ථාවේදී මාසයක් ඇතුළත මාර්ග සියල්ලක්ම අලුත්වැඩියා කොට දීමට පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම්වරයා එකඟ වුවක් මේ දක්වා එකම මාර්ගයක් හෝ අලුත්වැඩියා කොට නැතැයි විරෝධතාවයේ නිරත පිරිස කියා සිටිති. තමන්ට ස්ථිරසාර විසඳුමක් බලධාරීන්ගෙන් ලැබෙන තුරු සිය විරෝධතාව ඉදිරියටත් සිදු කරන බවටද පච්චිලෙයිපල්ලි ප්‍රදේශවාසීහු වැඩිදුරටත් කියා සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්