රිනවුන් 8 වැනි ජයත් ලබයි

  👤  2802 readers have read this article !
By mawbima 2017-11-14

විචිත්‍ර වීරසිංහ

ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම ගෝල 4-1කින් පරාජය කළ රිනවුන් කණ්ඩායම ඩයලොග් ලීග් පාපන්දු තරගාවලියේදී ඔවුන් ලැබූ 8 වැනි ජයග්‍රහණය වාර්තා කළේය.
නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ජොබ් මයිකල් රිනවුන් කණ්ඩායම වෙනුවෙන් ගෝල ත්‍රිත්වයක් හිමිකර ගැනීමද විශේෂත්වයකි.
ඒ අනුව තරගයේ 5 වැනි විනාඩියේදී මොහොමඩ් ඉර්ෆාන් රිනවුන් කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය ලබාගනිද්දී එයට විනාඩි 3ක් පසුවෙද්දී ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ බසිත් අහමඩ් ලබාගත් ගෝලය හේතුවෙන් තරගය තියුණු මුහුණුවරක් ගත්තේය.

එහෙත් තරගයේ 22 වැනි හා 24 වැනි විනාඩිවලදී ජොබ් මයිකල් ලැබූ ගෝල දෙක හේතුවෙන් පළමු භාගය ගෝල 3-1ක් ලෙස ඉදිරියෙන් සිටීමට රිනවුන් කණ්ඩායමට හැකි විය. දෙවැනි භාගයේදී නැවතත් ක්‍රියාත්මක වූ ජොබ් මයිකල් ලැබූ ගෝලය හේතුවෙන් ගෝල 4-1ක පහසු ජයක් රිනවුන් කණ්ඩායමට හිමිවිය.
මේ අතර ශ්‍රී ලංකා පොලිසිය හා මාතර ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයෙන් තරගයේ 63 වැනි විනාඩියේදී චතුර ගුණරත්න ලැබූ ගෝලය හේතුවෙන් ගෝල 1-0ක ජයක් ලැබීමට පොලිසියට හැකිවී තිබූ අතර, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය හා බ්ලූ ස්ටාර් තරගය ගෝල 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබිණි.
පොලිසිය හා මාතර ක්‍රීඩා සමාජය අතර තරගයේ විශේෂ අවස්ථාවක්.

ඡායාරූපය _ තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්