ගුරුකුල විදුහලට කඩුලු 9ක ජයක්

  👤  2814 readers have read this article !
By mawbima 2017-11-14

ගමිත දෙහිපිටිය

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ 'සී' කාණ්ඩයට අදාළව බොරැල්ල කැම්බල් පිටියේදී පසුගියදා පැවැති ක්‍රිකට් තරගයෙන් කොළඹ වෙස්ලි විදුහල පරදවා කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කැලණිය ගුරුකුල විද්‍යාලය සමත් විය.

ගුරුකුල විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 258ට පිළිතුරු වශයෙන් වෙස්ලි විදුහලට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි. කෙසේ වෙතත් නැවතත් සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි වෙස්ලි විදුහල් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 123ක් පමණක් වූ අතර එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක සචින්ත චමිත් ලකුණු 26කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.
ඒ අනුව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 12ක් ලබා ගනිමින් කැලණිය ගුරුකුල විදුහල කඩුලු 9කින් මෙම තරගය ජය ලැබීය.

කැලණිය ගුරුකුල විදුහල පළමු ඉනිම - 258/10 (69.5) : නුවන් චානක 51, පෘථිවි රූසර 48, ප්‍රවීන් නිමේෂ් 46, තිමිර නයනතරු 35, රාහුල් ගුණසේකර 57/4.

වෙස්ලි විදුහල පළමු ඉනිම _ 146/10 (63.3) : මොවින් සුභසිංහ 30 රාහුල් ගුණසේකර 27, ජනිත් සඳකැළුම් 20, ප්‍රවීන් නිමේෂ් 26/3, ලසිඳු අරෝශ් 21/2, මලිඳු විදුරංග 18/2.

වෙස්ලි විදුහල දෙවන ඉනිම _ 123/10 (41.4) : තිසුරක අක්මීමන 21, මොවින් සුභසිංහ 20, සචින්ත චමිත් 26/6, ලසිඳු අරෝශ් 15/2.
කැලණිය ගුරුකුල විදුහල දෙවන ඉනිම _ 12/1 (1.1)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්