සෝභිත හිමි සමරු වේදිකාවේදී කළ විජේසූරියගේ විවේචනයට පොලිස්පතිවරයා පළිඅරන්

  👤  3057 readers have read this article !
By mawbima 2017-11-14

කෝට්ටේ නාග විහාරයට බලෙන් ඇතුළු වී අලාභහානි සිදුකිරීම පිටුපස පොලිසියද සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණානුස්මරණයට සභභාගි වෙමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා පොලිස්පතිවරයා විවේචනය කරමින් සිදු කළ දේශනය හේතුවෙන් පළිගැනීමේ අරමුණෙන් මෙම අලාභහානි සිදුකර ඇති බවද මන්ත්‍රිවරයා පැවැසීය.

ඊයේ (13දා) පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
අද ඇතිවෙලා තිබෙන තත්ත්වය ජනාධිපතිවරයාටත් පාලනය කරගන්න බැරි තත්ත්වයක් බවට පත්වෙලා තිබෙනවා. "බැඳුම්කර කොමිසම පත් කළාට, ආණ්ඩුවේම අය මට ගහනවා" කියලා මේ රටේ විධායක ජනාධිපතිවරයා කියනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට නුදුරින් සෝභිත හිමියන්ගේ පිළිරුව සඳහා මුල්ගල් තබන උත්සවයේදී එම අවස්ථාවේදී. උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය කළ මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ විශාල දායකත්වයක් සැපයූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා ජනාධිපති, අගමැති ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ ප්‍රසිද්ධ කතාවක් කරලා, ඉදිරියේ වාඩිවෙලා සිටි පොලිස්පතිවරයාව දරුණු ලෙස විවේචනයට ලක් කළා. අන්තිම ප්‍රතිඵලය වුණේ මාදුළුාවාවේ සෝභිත හාමුදුරුවන් වැඩසිටි පිටකෝට්ටේ නාග විහාරයට මැර කණ්ඩායමක් සමඟ පොලිසිය ගිහිල්ලා ආරක්ෂාවට සිටි පොලිසියේ අයවත් ඉවත්කරගෙන යෑමයි. මේ ගැන ජනාධිපතිවරයා දන්නේ නැතිවත් ඇති. පොලිසිය විසින් උසාවියේ තහනම් නියෝගයක් අරගෙන ඇවිල්ලා පොලිසිය බලාගෙන සිටියදී සෝභිත ස්වාමීන් වහන්සේ පාවිච්චි කළ වාහනයේ ‍ෙදාරවල් කඩලා, පන්සල ඇතුළේ තිබෙන ‍ෙදාරවල් කඩලා තියෙනවා. මැර කණ්ඩායම් මෙලෙස හැසිරී තිබෙන්නේ පොලිසිය බලාසිටියදීමයි. මෙහෙම පළිගැනීමක්, මෙහෙම පොලිස් රාජ්‍ය සංකල්පයක් මීට පෙර ලංකාවේ ක්‍රියාත්මක වෙලා නැහැ.

ඒ වගේම මේ සම්බන්ධයෙන් බංග්ලාදේශයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයටත් අප පැමිණිලි කළා. එහි ප්‍රතිඵලයක් ලෙස එම සංගමයේ මහ ලේකම් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් හමුවීම සඳහා මෙරටට පැමිණියා. දිනේෂ් ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කංචන විජයසේකර, ඩුලිප් විජේසේකර මන්ත්‍රිවරුන් සහ මම හිල්ටන් හෝටලයේදී මහ ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවට සහභාගි වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ව හිරේ දැමීම, මන්ත්‍රිවරුන්ගේ ගමන් බලපත්‍ර අධිකරණ භාරයේ තබාගැනීම, විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදීම යන කාරණා සම්බන්ධයෙන් අපි එහිදී ඔහුව දැනුවත් කළා. එමඟින් ඔහුට ලංකාවේ තත්ත්වය ගැන පැහැදිලි චිත්‍රයක් මැවෙන්න ඇති කියලා අපි හිතනවා.
ඕනෑම රටක ආණ්ඩු පක්ෂය වගේම සක්‍රිය විපක්ෂයකුත් තිබිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන
ශ්‍රී ල.නි.ප.යේ නායකයන් අදටත් සිටින්නේ එ.ජා.ප.ය සමඟයි. නමුත් පිරිසිදු ශ්‍රී ල.නි.ප. පාක්ෂිකයන් සිටින්නේ අප සමඟයි.
මේ අය - වැය ගෙනත් තියෙන්නේ රාජ්‍ය දේපළ විකුණා දැමීමටයි. ඒ වගේම මේ ගෙන යන වැඩපිළිවෙළ උතුරු - නැඟෙනහිර ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළක් නොවෙයි. දේශපාලනඥයන් සතුටු කිරීමටයි මේ වැඩපිළිවෙළ ගෙනයන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත බේරුගොඩ
අය - වැයෙන් වෙන් කරන මුදල් උෟව වෙල්ලස්සට ලැබෙන්නේ නැහැ. ලැබෙන ඕනෑම අවස්ථාවක මේ යහපාලන ආණ්ඩුව එළවන්න ජනතාව සූදානමෙන් ඉන්නේ. මේ අය වැයෙන් ආණ්ඩුව ඇන ගත්තා පමණක් නොවෙයි, නාගත්තා.

ඉෂාරා සිල්වා
ඡායාරූප - අශාන් ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්