අවුකන බුදු පිළිමය රැක දෙන්නැයි වැස්ස වලාහක දෙවියන්ගෙන් ඉල්ලනවා

  👤  2852 readers have read this article !
By mawbima 2017-11-14

අවුකන බුදු පිළිමයට තවමත් විසඳුමක් නෑ. ඇමැති මාධ්‍ය නිවේදනවලට සීමා වෙලා. බුදු පිළිමය රැක දෙන්නැයි වැස්ස වලාහක දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව විහාරාධිපති හිමියෝ කියති.

අවුකන බුදු පිළිම වහන්සේගේ ආරක්ෂාව සඳහා අකුණු සන්නායකයක් සවි කිරීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා නිවේදන නිකුත් කොට පුටුවට වී සිටින බවත් මෙතෙක් ඒ සඳහා පියවරක් නොගත් බවත් අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති.
මේ පිළිබඳව මාධ්‍ය මඟින් කළ දැනුවත් කිරීම ගැන එදින අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුදිනම විශේෂ කණ්ඩායමක් අවුකනට යවා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දුන් බවයි.

එහෙත් අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියන් නැවත වරක් මාධ්‍ය කැඳවා කියා සිටියේ බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දුරකතනයෙන් කතා කොට මෙහි අවදානම ඇමැති අකිල විරාජ් මහතාට දැනුම් දුන් බව පැවැසූ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ ළමයකු බව පැවැසූ අයකු පැමිණ තමන් වහන්සේගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ගිය බවත් ඉන් හැර මෙයට නිසි විසඳුමක් මෙතෙක් නොවුණු බවත් බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කරදෙන ලෙස තමන් වැස්ස වලාහක දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව පැවැසූහ.

මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ හෝ අවධානය යොමුවී අවුකන බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි උන්වහන්සේ පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

දඹුල්ල - කේ.කේ. ආරියදාස

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්