මත්ද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ඔෟෂධ ජාවාරම් මැඬලීමට නව නීති සම්පාදනයට සූදානම්

  👤  2814 readers have read this article !
By mawbima 2017-11-14

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

මත්ද්‍රව්‍ය ලෙස යොදාගන්නා ඔෟෂධ ජාවාරම් වැටලීම සඳහා පවතින ඔෟෂධ නීති ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සඳහා මූලිකත්වය ගැනීමට තමන් සූදානම් බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අවධාරණය කරයි.
මත් උවදුර කඩිනමින් මර්දනය කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීම අත්‍යවශ්‍ය බවත් එය කඩිනමින් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හඳුනාගෙන ඇති බැවින් තමන් ඊට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් හෙතෙම පවසයි.

ඒ අනුව මත් උවදුර මර්දනයට නව නීති සම්පාදනය වෙනුවෙන් අවශ්‍ය යෝජනා හා විශේෂඥ උපදෙස් ලබා දීමට ක්‍රියා කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජගත් විජේවීර මහතාට ඍජුව මැදිහත් වී සෙසු අමාත්‍යාංශ සහ ආයතනද එක්ව මත්ද්‍රව්‍ය වැටලීමට අදාළ අංශවලට බලය ලැබෙන පරිදි නීති සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස උපදෙස් ලබා දී තිබේ.

මත්ද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ඔෟෂධ ජාවාරම් වැටලීම සඳහා පවතින ඔෟෂධ නීති බලාත්මක කිරීමේ හැකියාව පිළිබඳව අරලියගහ මැඳුරේදී පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙසේ පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්