දෙමළ ජනතා සංසදය පක්ෂයක් වශයෙන් ඡන්දයට එන්නේ නෑ

  👤  2820 readers have read this article !
By mawbima 2017-11-14

මුලතිව්-ශෂි කුමාර්, ඕමන්ත-ශේෂලා අමරසිංහ

දෙමළ ජනතාවගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් බිහි කළ දෙමළ ජනතා සංසදය කිසිසේත් දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය නොකරන බවටත්, සියලු දේශපාලන කටයුතුවලදී සංසදයක් ලෙස ඊට මැදිහත් වන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා කියා සිටියේය. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ප්‍රධාන අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් දෙමළ ජනතා සංසදය යාපනය පුස්තකාලයේ රැස්වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉදිරි මැතිවරණවලදී දෙමළ ජනතා සංසදය පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කොට මැතිවරණයන් සඳහා ඉදිරිපත් වන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ,

දෙමළ ජනතා සංසදය ඇතිකරගත්තේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට. මේ සංසදය පක්ෂයක් වශයෙන් මැතිවරණයකට කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නැහැ. සංසදයේ දෙමළ ජාතික සන්ධානයේ එක් එක් පක්ෂවල ක්‍රියාකාරීනුත් ඉන්නවා පක්ෂයක් වශයෙන් මැතිවරණවලට ඉදිරිපත් නොවුණත් ඉදිරියේදී ඇතිවන දේශපාලන කටයුතුවලදී මැදිහත් වී කටයුතු කරන්න අපි තීරණය කරල තියෙන්නේ" යනුවෙනි.

අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේ,
"රජය විසින් ඉදිරිපත් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාවෙන් දෙමළ ජනතාවගේ සිතුම් පැතුම් බොඳවෙලා යන විදියේ එකක්. ඒ නිසා අපි අතුරු වාර්තාවට විරෝධය පළ කළ යුතුයි. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් වූ ඉලංකෙයි තමිල් අරසුව අද වෙනකම් දමළ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් කරපු දෙයක් නැහැ. ඒ නිසා ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේ පක්ෂයත් දෙමළ ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ කීපයත් එක් වී පොදු ලකුණකින් තරග කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා" යනුවෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්