පුත්තලමේ ඉඩම් ගැටලු විස¼දා එන වසරේ පවුල් 10,000කට නීත්‍යනුකූල ඔප්පු ලබා දෙනවා

  👤  2821 readers have read this article !
By mawbima 2017-11-14

ඉෂාරා සිල්වා

පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් පිළිබඳ ගැටලු කඩිනමින් විසඳීමට රජය තීරණය කළ බවත් ඒ අනුව ලබන වසරේදී පවුල් දස දහසකට නීත්‍යනුකූල ඉඩම් ඔප්පු ලබාදීම සිදු කරන බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා විසින් හෙළිදරව් කරන ලද තොරතුරුවලට අනුව අදාළ ගැටලුව පිළිබඳ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය පාර්ලිමේන්තුවේ පැවැති හදිසි සාකච්ඡාවකදී මේ තීරණය ගෙන ඇත.

බලපත්‍ර සහිත ඉඩම් හිමියන් වෙත නීත්‍යනුකූල ඔප්පු ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී මූලික අවධානය යොමුව ඇති අතර නීත්‍යනුකූල නොවන අයුරින් අත්පත් කරගෙන ඇති ඉඩම් සම්බන්ධයෙන් හා එලෙස ඉඩම් අත්පත් කරගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරි මාසය ඇතුළත නීත්‍යනුකූල පියවර ගැනීමට තීරණය වූ බවද රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ ඉඩම් ජාවාරමක් සිදුවන බව හෙළි වී තිබෙන බවත් මේ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමුකර ජනතාවට සාධාරණයක් වන පරිදි සහ ජාවාරම්වලට වැට බැඳෙන පරිදි කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්