මුලතිව් මුහුදේ ජලමට්ටම ඉහළ ගිහින්: මහා මාර්ගය කැඩී යෑමේ අවදානම වළක්වන්න ඇළක් කපයි

  👤  2919 readers have read this article !
By mawbima 2017-11-14

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

මුලතිව් මුහුදේ ජල ප්‍රමාණය අඩි පහකින් පමණ ඉහළ යෑම නිසා මුලතිව්-වට්ටුවාල් මහා මාර්ගය කැඩී යෑමේ තර්ජනයකටත්, කළපුවෙන් ඔබ්බෙන් පිහිටි ගම්මානවලට මුහුදු ජලය ගලා යෑමේ අවදානමකුත් පහළ වීම නිසා මුලතිව් මුහුදු වෙරළ හාරා ඇළක් සකස් කොට මුලතිව් මුහුදේ වැඩි ජලය කළපුව හරහා බැස යෑමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට පෙරේදා (12දා) සිදුවිය.

මුහුදේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟම වැසියන් බියට පත්ව නිලධාරීන්ට ඒ පිළිබඳ නිතර නිතර පැමිණිලි කරන්නට වූයේ සුනාමි තත්ත්වයක් ඇතිවේ යැයි යන බිය හේතුවෙනි.
මුලතිව් දිසාපතිනි රූපවතී කේතීශ්වරන් මහත්මිය මේ පිළිබඳ බලධාරීන් සමඟ සාකච්ඡා කොට මුහුදු ජලය ක්‍රමයෙන් බැස යන පරිදි වෙරළ හරහා ඇළ මාර්ග සකස් කිරීම ආරම්භ කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්