තෙල් අර්බුදය කඩාකප්පල් වැඩක්

  👤  2918 readers have read this article !
By mawbima 2017-11-14

චාමර අමරසූරිය

පැවැති ඉන්ධන අර්බුදය කඩාකප්පල්කාරි ක්‍රියාවක් බැවින් ඒ පිළිබඳ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් සිදු කරන ලෙසට දක්වමින් ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඊයේ (13දා) ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

නොවැම්බර් 03 වැනි දින ඇණවුම් කොට තිබූ පෙට්රල් නෞකාව නියමිත දිනට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු නොකිරීම, ඔක්තෝබර් 30 වැනි දින වන විට ඉන්ධන තොග මෙටි්‍රක් ටොන් 23,000කට අධික ප්‍රමාණයක් සංස්ථාවේ සහ කොළොන්නාවේ ගබඩාවල තිබියදීත් නිවැරැදි කළමනාකරණයකින් බෙදා නොහැරීම, නෙවස්කා ලේඩි නෞකාව පැමිණි දින පස්වරුවේ පෙට්රල්වල ඔක්ටේන් අගය පරීක්ෂා කිරීමට කොළොන්නාව පරීක්ෂණාගාරයේ තිබෙන නවීන යන්ත්‍ර 8ක් හදිසියේ අක්‍රියවීම ආදී කරුණු 14ක් ඇතුළත් ලිපියක් මෙලෙස ජනාධිපතිවරයාට යැවූ බවද ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා 'මව්බිම'ට පැවැසීය.

එසේම මේ අර්බුදය පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද අනු කමිටුවට වෘත්තීය සමිතිවලට හා සංස්ථා සේවකයන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීමත් යන මෙම ගැටලුව සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙසටද දැනුම් දෙමින් එම ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමු කළ බවද ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්