කොදෙව් කණ්ඩායමකුත් ලබන වසරේ පාකිස්තානයට

  👤  3307 readers have read this article !
By mawbima 2017-11-13

බටහිර ඉන්දීය කොදෙව් ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත ජාතික ක්‍රිකට් කණ්ඩායමක් ලබන වසරේ මාර්තු මාසයේදී තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියක් සඳහා පාකිස්තානයේ සංචාරයක යෙදීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජාම් සේති මහතා ප්‍රකාශයට පත්කර ඇත.

මෙම තරගාවලියේ තරග 3 ලබන වසරේ මාර්තු මස 29,31 සහ අප්‍රේල් 01 වන දා පැවැත්වීමට නියමිත අතර ලබන වසරේ සිට ඉදිරි පස් වසරක් දක්වා පාකිස්තානයේදී හා ඇමරිකා එක්සත් ජනපදයේදී විස්සයි-20 තරගාවලියක් වාර්ෂිකව පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල එකඟතාවකට පත්වූ බවටද පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති විස්සයි-20 තරගාවලියට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති විස්සයි-20 තරගයට පාකිස්තානය ලබා දුන් ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තරගාවලි සඳහා අනුමැතිය ලබා දුන් බවට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

සටහන - සඳරු පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්