ශ්‍රී ලනිපය ගොඩනැඟීම සඳහා ගම් මට්ටමින් ශ්‍රී ලනිප සාමාජිකයන් එක් විය යුතුයි

  👤  3344 readers have read this article !
By mawbima 2017-11-13

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟීම සඳහා ගම් මට්ටමෙන් ප්‍රගතිශීලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් එක් විය යුතු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාන්විතයට ගලිගමුව බලපත්තාව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රෝස මල් යහනාවක් මතින් ආ පක්ෂයක් නෙවෙයි. පක්ෂයේ නිර්මාතෘවරයා පක්ෂය හදලා අවුරුදු 03කින් මරල දැම්මා. එතකොට හැමෝම හිතුවේ පක්ෂය ඉවරයි කියලා. ඒත් ලෝකයේ ප්‍රථම අගමැතිවරිය බිහිකරමින් සිරිමාවෝ මැතිනිය පක්ෂය ඉදිරියට රැගෙන ගියා.
ඊට පසු බිහි වූ අපේ පක්ෂයේ නායකයන් පක්ෂය ගොඩනඟමින් ඉදිරියට රැගෙන ගියා. අපි වැටුණු වාර අනන්තයි. ඒත් අපි නැඟී සිටියා. ඒ වගේම අපි මොන බාධක ගැටලු ආවත් පක්ෂ ගොඩනඟාගෙන ඉදිරියට ගෙන යනවා. එහි මූලික පියවර තමයි අපි ගම් මට්ටමින් අද අවසන් කරන්නේ.

මෙම අවස්ථාවට යටියන්තොට ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක හර්ෂ සියඹලාපිටිය, ගලිගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කැලුම් පතිරණ මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්