නව ව්‍යවස්ථාව ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කරනවා

  👤  3336 readers have read this article !
By mawbima 2017-11-13

ත්‍යාගා ශ්‍රිමාලි බණ්ඩාර

ඉතිහාසයේ ප්‍රථමවරට ප්‍රජාතන්ත්‍රවාදීව මහජනතාව ඇතුළු සියලු කොටස්වල අදහස් විමසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍ය අබේවර්ධන මහතා මේ බව පැවසුවේ බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් රුපියල් ලක්ෂ හැටහයක වියදමකින් යුතුව ඉදිකළ නව නිල නිවෙස විවෘත කිරීමේ අවස්ථාවට සහ බළපිටිය බ්‍රාහ්මණවත්ත ග්‍රාම නිලධාරී වසම සඳහා ඉදිකිරීමට නියමිත නිල සෙවණ ක්ෂේත්‍ර නිලධාරී කාර්යාලයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව සඳහන් කර තිබෙනවා. මේ අලුත් ව්‍යවස්ථාව ගේන්නත් කලින්ම පිරිසක් කලබල වෙලා. තවම එහෙම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරලා නැහැ. ව්‍යවස්ථාව ගෙන එන්නත් පෙර එයට විරුද්ධ වන්නේ කොහොමද? ජනාධිපතිවරයායි, අගමැතිවරයායි ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රජාතන්ත්‍රවාදීව අලුත් ව්‍යවස්ථාවකට ඔබගේ අදහස් විමසනවා.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා ජීවිත කාලයට ජනාධිපති ධුරයේ ඉන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාව වෙනස් කළා. මහජනතාවගෙන් ඇහුවේ නැහැ. ඒ ව්‍යවස්ථාවට අත අස්සපු අය අද ප්‍රජාතන්ත්‍රවාදීව මහජන අදහස් විමසා ගේන ව්‍යවස්ථාවට විරුද්ධව කෑගහනවා යනුවෙන් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්