මේ වසරේ තේ නිෂ්පාදනයෙන් මිලියන 300කට වැඩි ආදායමක් ලැබී තිබෙනවා

  👤  3307 readers have read this article !
By mawbima 2017-11-13

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

මේ වසරේ තේ නිෂ්පාදනයෙන් රුපියල් මිලියන 300ක් ඉක්ම වූ ආදායමක් ලබා තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
"ගිය වසරේදී අය-වැය සාකච්ඡාවේදී තේ මිල අඩුයි කියලා විශාල දෝෂාරෝපණයක් ආවා. නමුත් අද තේ නිෂ්පාදනයේ මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ පිළිබඳව කිසිවකු කතා කරන්නේ නැහැ. තේ කර්මාන්තය ශක්තිමත්ව ඉදිරියට යන අවස්ථාවේදී දැන් කතා කරන්නේ පොල් ගැනයි." අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (9දා) කුඩා තේවතු සංවර්ධන අධිකාරියේදී පැවැති "වැවිලි සවියෙන් _ තවත් සවියක්" වැඩසටහන යටතේ තේ ශක්ති රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරමින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් කුඩා තේ වතු හිමියන් 200ක් වෙත රුපියල් මිලියන 6.5ක් වටිනා රක්ෂණ වන්දි මුදල් ප්‍රතිලාභ බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මේ වන විට තේ නිෂ්පාදනයෙන් 23%ක ප්‍රතිශතයක ලාභය හිමිකරගන්නේ මහා පරිමාණ තේ සමාගම් විසින්. එම මහා පරිමාණ තේ සමාගම්වලින් කොටස්කරුවන් වෙත නිසි පරිදි ලාභාංශ බෙදී නොයෑමේ ගැටලුවක් මතුව තිබෙනවා. ලබන වසරේදී පනතක් ඉදිරිපත් කරමින් ඊට විසඳුම් ලබාදීමට පියවර ගන්නවා."

ඡායාරූපය - මංජුල දයාවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්