ජීවන වියදම ඉහළ යෑමෙන් ලක්ෂ 80කට වැඩියෙන් දැඩි ලෙස ආර්ථික පීඩාවකට පත්වෙලා

  👤  3325 readers have read this article !
By mawbima 2017-11-13

අනුරාධා හේරත්

පසුගිය 2015 පෙබරවාරි සිට මේ වසරේ සැප්තැම්බර් වන විට ජීවන වියදම රුපියල් 5000කට ආසන්න ප්‍රමාණයක් ඉහළ ගොස් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්තා පවසයි.
පසුගිය වෘත්තීය සමිති අරගල හරහා රුපියල් 10,000ක් වැටුපට එකතු කරගත හැකි වූයේ රාජපක්ෂ පාලන සමයේ තිබූ තත්ත්වයට එරෙහි කළ අරගලය හේතුවෙන් බවත් එය වත්මන් පාලනයට කිසිසේත්ම පටලවා නොගත යුතු බවත් ලාල් කාන්ත මහතා කියයි.

ජීවන වියදම ඉහළ යෑමත් සමඟ මෙරට රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රය තුළ නිරතව සිටින ලක්ෂ 80ක පමණ පිරිස මේ වන විට දැවැන්ත ආර්ථික පීඩාවකට ලක්ව ඇතැයි ලාල්කාන්ත මහතා පෙන්වා දෙයි. ඒ මහතා පවසන්නේ එකී තත්ත්වයක් තුළ මෙම පිරිසට රුපියලක හෝ වැටුප් ඉහළ නොදමන අයවැයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ තම වෘත්තීය සමිති සියල්ලෙහිම විරෝධය ප්‍රකාශ කරන බවයි.

එසේ නොමැතිව රටට විදේශ විනිමය සෙවීම, එසේ නැතිනම් මෝටර් රථවල මිල අඩුකිරීම වැනි කාරණා කම්කරු ජනතාවට මේ මොහොතේ වැදගත් නොවන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්