යාපනයේ සිට කොළඹට කෝටි 3ක හෙරොයින් ගෙන එද්දී මාට්ටු

  👤  3334 readers have read this article !
By mawbima 2017-11-13

මඩුකන්ද - දීපාල් බණ්ඩාර, මුලතිව් ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනයේ සිට කොළඹට යැවීමට සැලසුම් කර තිබූ රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 266ක් පසුගියදා (09දා) රාත්‍රි වවුනියාව මධ්‍යම බස් නැවතුමේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
වවුනියාව කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් පිරිසක් වවුනියාව බස් නැවතුම්පළේ රැකවල් දමා යාපනයේ සිට කොළඹ දක්වා ගමන්ගත් බස් රථයකින් පැමිණි සැකකරු හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු යාපනයේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය යාපනයේ සිට කොළඹට රැගෙන යෑමට සැලසුම් කොට තිබූ බවටත් වවුනියාව කොට්ඨාස දූෂණ මර්දන අංශය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත.

වවුනියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විල්ලෝරආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ආර්.එම්.ආර්.ටී රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පොලිස් සැරයන් පාලිත (25138), පොලිස් කොස්තාපල්වරුන් වන වීරසිංහ (48265), සමන් (48350), අරුණ (72469), ගුණතිලක (81935), පොලිස් කොස්තාපල් රියැදුරු මංජුල (76145) යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්