කලපලුවාවේ නිවෙසක් තුළ 83 වියැති අම්මා පිලිස්සී මිය ගිහින්

  👤  2280 readers have read this article !
By mawbima 2017-10-24

කොළඹ - එම්.සී. පෙරේරා, බොරලැස්ගමුව-නිඳුවර අබේසිංහ

රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේ ඇඳක් මත වයස අවුරුදු 83ක වයෝවෘද්ධ කාන්තාවක් පිලිස්සී මියගොස් ඇතැයි වැලිකඩ පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ රාජගිරිය කලපලුවාව පදිංචිව සිටි ලොකු හිරලුගේ සීලවතී නමැති කාන්තාවයි.
මියගිය කාන්තාව සිය වැඩිමහල් දියණිය සමඟ නිවෙසේ වාසය කර ඇති අතර ගින්න හට ගන්නා අවස්ථාවේ ඇය යාබද පිහිටි නාන කාමරය තුළ සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

දියණිය අසනීප තත්ත්වයකින් පසුවන්නියක බවද පොලිසිය කියයි.
කාන්තාව ගිනිගෙන දැවුණු ඇඳ අසල මේසය මත කුඩා ප්ලාස්ටික් බෝතලයක භූමිතෙල් තිබූ බවද පොලිසිය කියයි.
ගින්න ඇවිළෙන දුටු ප්‍රදේශවාසීන් වහා මැදිහත්ව ගින්න නිවා දමා කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (23දා) සිදු කිරීමට නියමිතව තිබිණි.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුණසිංහ, කොස්තාපල්වරුන් වන නවරත්න (42207), නිරෝෂන් (72116) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්