අධිකරණය කර ඇරිය අන්තරේ සිසුවා රිමාන්ඩ්

  👤  2263 readers have read this article !
By mawbima 2017-10-24

අමිල අබේරත්න

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මහජන පීඩාවන් ඇති වන පරිදි සහ අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයේ යෙදුණේ යැයි පොලිසිය පවරා ඇති හමුවකට පෙනී නොසිට අධිකරණය
මඟ හැර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුවකු මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරනු ලබන විශ්ව ධනංජය නමැති සිසුවා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අධිකරණයේ පෙනී නොසිටීම මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ තවත් සිසුන් තිදෙනකුද රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත කොටුව මහෙස්ත්‍රාත්වරිය විසින් මුදාහරිනු ලැබුවාය. සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන හිමිවරුන් පිරිසක් චෝදනා ලැබ සිටිති. ඔවුන්ට එරෙහිව කොටුව පොලිසිය නඩු පවරා තිබෙන අතර නඩු විභාගය ලබන මස 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්