විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව නිල වෙබ් අඩවිය විවෘත කෙරේ

  👤  2259 readers have read this article !
By mawbima 2017-10-24

හර්ෂනී අර්සකුලරත්න

නව තාක්ෂණික පහසුකම් සහිතව ඉතා ඉක්මනින් ඕනෑම කෙනකුට සම්බන්ධ විය හැකි ලෙස නිර්මාණය කළ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ නව වෙබ් අඩවිය (
ඹඹඹ.ථධඵබප.ඨධම.තඬ) පසුගියදා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත විය.
පාසල් දරුවන්, ග්‍රාමීය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ස්වයං රැකියාවල නියුක්ත වූවන්, විශ්වවිද්‍යාල සිසුන්, විද්‍යාඥයන්,

තාක්ෂණවේදීන්, පර්යේෂකයන් හා විද්වතුන් දායක කරගනිමින් ඉහළ මැද ආදායම් ලබන රටක තත්ත්වයකට මේ රට ගෙනයෑමේ ඉලක්කය ජයගැනීම අමාත්‍යාංශයේ අරමුණ වේ. එම අරමුණු ජයගනිමින් රට තුළ පර්යේෂණ සංස්කෘතියක් නිර්මාණය කරගැනීම ඔස්සේ නවෝත්පාදන මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකළ හැකි විද්‍යා හා තාක්ෂණ ක්‍ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්වයන්ට පහසු වන ලෙස මේ වෙබ් අඩවිය නිර්මාණය කර ඇති බව අමාත්‍යාංශය අවධාරණය කරයි. එවැනි පුද්ගලයන්ට මේ වෙබ් අඩවිය හරහා සම්බන්ධ වෙන ලෙසද අමාත්‍යාංශය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්