ඛනිජ තෙල් සංස්ථාවේ හා ගබඩා පර්යන්ත සමාගම් සේවක ගැටලු විසඳන්න අමතර මහජන දිනයක්

  👤  2310 readers have read this article !
By mawbima 2017-10-24

චාමර අමරසූරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම් සේවක සේවිකාවන්ට වෙනම මහජන දිනයක් පැවැත්වීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පියවර ගෙන ඇත.

එම සේවකයන්ගේ ගැටලු කඩිනමින් විසඳීමේ අරමුණින් බදාදා දින පැවැත්වෙන සාමාන්‍ය මහජන දිනයට අමතරව මෙම මහජන දිනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන් සඳහා සෑම මසකම පළමු බ්‍රහස්පතින්දා සහ තුන් වැනි බ්‍රහස්පතින්දාත් ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සේවක සේවිකාවන් උදෙසා සෑම මසකම දෙවැනි බ්‍රහස්පතින්දා සහ සිවු වැනි බ්‍රහස්පතින්දාත් මහජන දිනය එම ආයතන පරිශ්‍රයන්හිදී පැවැත්වේ.

මීට අමතරව අනුරාධපුර, ගාල්ල, මහනුවර, කුරුණෑගල වශයෙන් එම ආයතනවල ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආවරණ වන පරිදි ජංගම මහජන වැඩසටහන්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්