නියමිත ක්‍රමවේදයෙන් පිට පැනලා

  👤  2301 readers have read this article !
By mawbima 2017-10-24

උදයන්ති මුණසිංහ

අධිකරණ සේවා කොමිෂන් සභාවේ කිසිවකුගේ වුවමනාවකට අනුව අධිකරණ රෙජිස්ට්‍රාර් තනතුරේ තුන්වැනි ශේ්‍රණියට බඳවා ගැනීම සඳහා පටිපාටියෙන් බැහැරව කටයුතු කරන බවට අධිකරණ කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

අධිකරණ රෙජිස්ට්‍රාර් තනතුර වූකලී, අධිකරණයේ කාර්යාල පරිපාලනය, සම්බන්ධීකරණය, පිස්කල් රාජකාරි හා පූර්ණ අධීක්ෂණ කටයුතු කරනු ලබන තනතුරක් බවත්, මෙතෙක් මේ තනතුර සඳහා බඳවාගත් සාර්ථක ක්‍රමය වූයේ ලිපිකරු, ලඝු ලේඛක, භාෂා පරිවර්තක හා යතුරු ලේඛක ආදී සේවාවලින් අයැදුම්පත් කැඳවා තරග විභාගයක් පැවැත්වීමෙන් හෝ පළමු වැනි ශේ‍ර්ණියේ නිලධාරීන්ගේ ජේ‍යෂ්ඨත්වය මත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් බවත් අධිකරණ කාර්ය මණ්ඩලය සඳහන් කරයි.

නමුත් මෙම වසරේ එම තනතුර සඳහා බඳවා ගැනීම් සිදු කිරීමේදී කිසිදු විභාගයකින් තොරව, උපාධිධාරීන් බාහිරින් රෙජිස්ට්‍රාර් තනතුරට සෘජු ලෙස සම්මුඛ පරීක්ෂණ මඟින් පමණක් බඳවා ගැනීමට කටයුතු කරන බවත්, එමෙන්ම මෙම තනතුරට බඳවාගැනීම වෙනුවෙන් අධිකරණ කාර්ය මණ්ඩලයට මෙතෙක් පැවැති විභාග ක්‍රමය ඉවතලා විෂයධාරා වෙනස් කරමින්, අවිධිමත් විභාගයක් පසුගිය සැප්තැම්බර් මස 09 වැනිදා පැවැත්වූ බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙලෙස බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව මෙම බඳවා ගැනීම් කාගේ වුවමනාවකට කුමන අවශ්‍යතාවක් මත සිදුවන්නේද යන්න සොයා බලන ලෙස අධිකරණ කාර්ය මණ්ඩලය මේ වන විටත් අගවිනිසුරුතුමන් දැනුවත් කර තිබෙන බව ඔවුහු සඳහන් කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්