කිසිදු රෝහලක් වසා නොතැබිය යුතුයි

  👤  2319 readers have read this article !
By mawbima 2017-10-24

දයා පෙරේරා

රටේ සියලුම රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන් ලබාදිය යුතු බවත් කිසිදු රෝහලක් වසා නොතැබිය යුතු බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න අමාත්‍යාංශ නිලධාරීන්ට නියම කර ඇත.
පැය විසිහතර පුරා ක්‍රියාත්මක රෝහල් සඳහා අවම වශයෙන් වෛද්‍යවරුන් දෙදෙනකුවත් සිටිය යුතු බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇමැතිවරයාට පෙන්වාදීම නිසා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඇමැතිවරයා එසේ නියම කළේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී ඊයේ (23දා) පැවැති පළාත් සෞඛ්‍ය ඇමැති සමුළුවේදීය.
මහ රෝහල්, ශික්‍ෂණ රෝහල්, පළාත් සභා රෝහල්වල වෛද්‍යවරුන් බෙදීයෑමේ විසමතාව අවසන් කිරීම පිණිස පළාත් අධ්‍යක්ෂවරුන් සමඟ සෞඛ්‍ය අමතා්‍යාංශයේ නිලධාරීන්ද එක්ව පුරප්පාඩු ලේඛනයක් සකස් කරන්නැයිද පැවැසූ අමාත්‍යවරයා ඒ අනුව විසමතා අහෝසි කිරීමට පියවර ගන්නැයිද නියම කළේය.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛන සැකසීමේදී එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය පරිදි කටයුතු නොකළ යුතු බවටත් ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්