සංඝ සමාජයත් ජනතාවත් ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ නම් බලහත්කාරයෙන් සංහිඳියාවක් ගොඩනඟන්න බෑ

  👤  2348 readers have read this article !
By mawbima 2017-10-24

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

මුළුමහත් සංඝ සමාජය හා රටේ මහජනතාව ව්‍යවස්ථා සංශෝධනයකට විරුද්ධ වෙනවා නම් රට තුළ බලහත්කාරයෙන් සංහිඳියාව ගොඩනැඟිය නොහැකි බවද මහා සංඝරත්නයට ඇහුම්කන් නොදෙන රජයකට වැඩිකල් පැවැතිය නොහැකි බවද හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අපවත් වී වදාළ ආචාර්ය නාගොඩ අමරවංශ නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයීය පිරිවෙනට ඊයේ (23දා) පැමිණීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අවස්ථාවේදී මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
පළාත් පාලන මැතිවරණය ජනවාරිවල තියෙනවා කිව්වාට ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියනවා පෙබරවාරිවලයි මැතිවරණය තියන්නේ කියලා.?
ඇමැතිවරු එක එක දේවල් කියනවා. කවදා තිබ්බත් අපි මැතිවරණවලට ලෑස්තියි.
මැතිවරණය කල් දාන්නේ බයට. මේ මැතිවරණයෙන් අපිට විශාල ජයග්‍රහණයක් ලැබෙනවා එය පැහැදිලියි.
අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?

මල්වතු, අස්ගිරි, කෝට්ටේ රාමඤ්ඤ, රෝහණ ඇතුළු සියලුම සංඝ සභා මේකට විරුද්ධයි. කතෝලික සභාවත් කියලා තිබෙනවා මේ සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න කියලා.
රටම විරුද්ධ වෙනවා නම් බලෙන් ව්‍යවස්ථා ගෙනැල්ලා වැඩක් වෙන්නේ නැහැ.
ව්‍යස්ථාව පරාද කරන්න නම් 76 දෙනෙක් විපක්ෂයට අවශ්‍ය වෙනවා. ඒක කරන්නේ කොහොමද?
ඒ සඳහා අවශ්‍ය වන බලපෑම් කරන්නට අපි සූදානම්. රටේ ජනතාවත් ඊට එක්විය යුතුයි.
ඔබතුමා මැතිවරණ සඳහා නායකත්වය ලබා දෙනවාද?

දේශපාලනයේ ඉන්න කෙනෙක් විදිහට මැතිවරණවලට නායකත්වය ලබා දිය යුතුද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්