විහාරස්ථාන සංවර්ධනය සඳහා බෞද්ධ පුනරුද අරමුදලට මූල්‍ය පරිත්‍යාග භාරදීම ජනාධිපති කාර්යාලයේදී

  👤  2300 readers have read this article !
By mawbima 2017-10-24

ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා තිබෙන බෞද්ධ පුනරුද අරමුදල සඳහා මූල්‍ය පරිත්‍යාග භාරදීම ඊයේ (23දා) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ගෞරවනීය මහා සංඝරත්නය, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ආයතන කිහිපයක් විසින් සිදු කරන ලද මූල්‍ය පරිත්‍යාග නිල වශයෙන් ජනාධිපතිවරයාට භාර දෙනු ලැබීය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේ උතුර නැඟෙනහිර ඇතුළු දිවයිනේ දුර බැහැර ප්‍රදේශවල පිහිටි අඩු පහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථානවල සංවර්ධනය වෙනුවෙන් ඉතා විධිමත් අයුරින් මේ අරමුදල් යෙදවීම සිදුවන බවයි.

මහා භාණ්ඩාගාරයේ අරමුදල් මත නඩත්තු නොවෙමින් විවිධ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් පෝෂණය වීම බෞද්ධ පුනරුද අරමුදලේ විශේෂත්වයයි.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ, පැල්පොළ විපස්සි, මීගහතැන්නේ චන්ද්‍රසිරි යන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද ව්‍යාපාරිකයන් හා රාජ්‍ය, රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීහු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්