සංචාරක ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් ඇති බව ආණ්ඩුව කීවත් සේවකයන්ගේ ජීවන මට්ටමේ වර්ධනයක් නෑ

  👤  2279 readers have read this article !
By mawbima 2017-10-24

සිදත් මෙන්ඩිස්

සංචාරක කර්මාන්තයේ මේ වන විට නව හෝටල් කාමර විශාල සංඛ්‍යාවක් ඉදිවෙමින් ක්‍ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති බවට රජය ප්‍රකාශ කළත් එයට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේ සේවකයන්ගේ ජීවන මට්ටමේ වර්ධනයක් සිදුවී නොමැති බව හෝටල් සේවක මධ්‍යස්ථානය පවසයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත සංචාරක කර්මාන්තයේ හෝටල් සේවකයන්ගේ ගැටලු නිරාකරණය කිරීම හා ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට 2017 අය - වැය යෝජනා පිළිබඳ ලිපියක් යොමු කරමින් එම මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.
පවතින ගැටලු පිළිබඳව දිගින් දිගටම ආණ්ඩුව දැනුවත් කළද ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමට හෝ විසඳුම් ලබාදීමට අපොහොසත් වී ඇති බවද එම සංගමයේ සභාපති නීතිඥ ජානක අධිකාරි මහතා මුදල් අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

2017 අය - වැය මඟින් සංචාරක ක්‍ෂේත්‍රයේ සේවකයන්ගේ අභිවෘද්ධිය සඳහා යෝජනා කිහිපයක් හෝටල් සේවක මධ්‍යස්ථානය පහත පරිදි ඉදිරිපත් කර තිබේ.
සංචාරක හෝටල් සේවකයන්ගේ සේවා ගාස්තු ගෙවීමට අදාළ නීති රෙගුලාසි සකස් කොට සේවා ගාස්තු ගෙවීම විධිමත් කිරීම.
සේවා ගාස්තු සේවකයන්ට ගෙවීමේදී ඉපැයීමක් ලෙස පිළිගෙන සියලුම ව්‍යවස්ථාපිත ගෙවීම්වලට ගණනය කිරීමට අදාළ නීති සකස් කිරීම.(ඡ්ර්ථීජ්-ඡ්ඊජ්)
දැනට සේවකයන්ට ලබාදෙන 10% සේවා ගාස්තු ක්‍රමයෙන් අඩුවන තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා 10% සේවා ගාස්තු 3%කින් ඉහළ දැමීමට නීති සකස් කිරීම.

සංචාරක කර්මාන්තය වර්ධනය වීමේදී හෝටල් සේවකයන්ගේ පුහුණුව හා නිපුණතාව සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙතෙක් වෙන් කිරීමක් සිදුව නොමැති අතර එම නිසා සේවකයන්ගේ පුහුණු ක්‍රියාවලිය විධිමත් වී නොමැත. 2017 අය - වැය මඟින් සේවකයන්ගේ පුහුණුව හා නිපුණත්වය වර්ධනය කිරීමට අවශ්‍ය මුදල් වෙන් කිරීම.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්