සමෘද්ධි නිලධාරීන්ගේ ඉල්ලීම් 12ක් දිනාගන්න අද මොනරාගලදී උද්ඝෝෂණයක්

  👤  2303 readers have read this article !
By mawbima 2017-10-24

ආරියරත්න ගනේගොඩ

සමෘද්ධි නව සේවකයන් ලෙස දෙපාර්තමේන්තුවට බැඳුණු සේවකයන්ගේ වැටුප් අඩු කිරීමෙන් තොරව ස්ථිර පත්වීම් ලබාදීම, සියලුම නිලධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි කඩිනමින් ලබාදීම ඇතුළු ඉල්ලීම් 12ක් දිනා ගැනීමට ආණ්ඩුවට බලකෙරෙන උද්ඝෝෂණයක් අද (24දා) උදේ 10ට මොනරාගල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී පැවැත්වේ.
මීට අමතරව හෙට (25දා) දහවල් බදුල්ල බන්ධනාගාරය අසල සිට බදුල්ල බස්නැවතුම දක්වා පා ගමනකින් පැමිණ දෙවැනි උද්ඝෝෂණය පවත්වන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සංගමයේ ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එස්. ඒ. ඩී. ජගත් කුමාර පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්