ශ්‍රී ලංකා රජය ජනතාවට හා ජගත් ප්‍රජාවට දුන් පොරොන්දු ක්‍රියාවට නැංවිය යුතුයි

  👤  2294 readers have read this article !
By mawbima 2017-10-24

ලක්ෂ්මි ජයකොඩි

ශ්‍රී ලංකා රජය විසින් මෙරට ජනතාවට සහ අන්තර්ජාතික ප්‍රජාවට ලබාදුන් පොරොන්දු මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සහතික කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ නායක
ආර්. සම්පන්දන් මහතා ජගත් සංවිධාන විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ගී්‍රෆ් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. සංක්‍රාන්ති යුක්තිය හා ගැටුම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ගී්‍රෆ් මහතා පසුගියදා විපක්ෂ නායකවරයා හමුවී කළ සාකච්ඡාවේදී විශේෂයෙන් කරුණු තුනක් වෙත අවධානය යොමු කර ඇත. අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු අනාවරණය දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව හා උතුරේ ඉඩම් ගැටලුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ ඉඩම් එම ජනතාව වෙත ලබාදීමට කටයුතු කළ යුතු බව සඳහන් කළ සම්පන්දන් මහතා ආරක්ෂක අංශ වෙත භාර වූ පසුව අතුරුදන් වූ තම දරුවන් පිළිබඳ දැනගැනීමට ඔවුන්ගේ මවුපියන්ට ඥාතීන්ට නීත්‍යනුකූල අයිතියක් ඇති බවද ගී්‍රෆ් මහතා වෙත සම්පන්දන් මහතා පෙන්වා දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්