කුඩාවැල්ලෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක් නැවක ගැටීමෙන් අනතුරක

  👤  2303 readers have read this article !
By mawbima 2017-10-24

තංගල්ල - සහම්පති මානගේ

තංගල්ල - කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක් නැවක ගැටීම හේතුවෙන් අනතුරට ලක්ව ඇතැයි ධීවරයෝ පවසති.
තංගල්ල - කුඩාවැල්ල ධීවර වරායෙන් පසුගිය සැප්තැම්බර් මස පිටත්ව ගිය සවිනි ධ්ර්උඹ්ඒ0877ර්ර්ථීඅ නම් වූ බහුදින ධීවර යාත්‍රාව මෙලෙස නැවක ගැටීම නිසා අනතුරට පත් වූ බව එම ධීවර යාත්‍රාවේ හිමිකරු පවසයි.

මේ ධීවර යාත්‍රාව පසුගිය සැප්තැම්බර් 15 දින කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා ධීවරයන් හතරදෙනකුද සමඟ පිටත්ව ගොස් ඇත. ඔවුන් තම රැකියා කටයුතු අවසන් කර නැවත ඔක්තෝබර් මස 18 දින ධීවර වරාය වෙත පැමිණීමට උත්සාහ ගත් අවස්ථාවේදී නැවක ගැටී තිබේ.
යාත්‍රාවේ හිමිකරු හා ස්කීපර්වරයා වන කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි ජේ.එල්.පී. අජිත් නිශාන්ත මහතා පැවැසුවේ ර්ර්ඉධ් 564724000 ච්බ්ඒඉඉඒ නම් සිංගප්පූරුවට අයත් නැවක් විසින් තම යාත්‍රාව අනතුරට ලක් කළ බවයි. අනතුරින් කිසිදු ධීවරයකුට උපද්‍රවයක් සිදු වී නොමැත.

ධීවර යාත්‍රාව නැවත පසුගිය 21 දින කුඩාවැල්ල ධීවර වරායට පැමිණි පසු මේ පිළිබඳව ධීවරයන් විසින් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක්ද සටහන් කර ඇත.
යාත්‍රාවේ හිමිකරු පවසන්නේ තම යාත්‍රාවට අනතුර හේතුවෙන් අලාභ සිදු වී ඇති බැවින් එය පිළිසකර කර ගැනීමට තමාට වන්දි මුදලක් අවශ්‍ය බවයි. තම යාත්‍රාවට සම්පූර්ණයෙන් හානි සිදු වී නොමැති නිසා රක්ෂණ සමාගමෙන්ද තමාට යාත්‍රාව පිළිසකර කර ගැනීමට උපකාරයක් හිමි නොවන බව පැවැසීය.
ජේ.එල්.පී. අජිත් නිශාන්ත මහතා මෙසේ පැවැසීය.

අපි නැවේ හැප්පුණේ 18 වැනිදා. එතකොටත් අපි මාළු කිලෝ දහදාහක් විතර අල්ලගෙන තිබුණේ. ගොඩට එන්න හදද්දියි නැව ආවේ. අපි ඒ වෙලාවේ වේ පොයින්ට් එක ව් - 05 47, ඡ් - 84 46 හිටියේ. ගොඩබිම ඉඳලා නාවික සැතපුම් දෙසිය තිස් ගාණක් විතර එහා. අපේ දැල පොප්ලර් එකේ වැටිල තිබුණු නිසා අපිට බෝට්ටුව එහාට මෙහාට ගන්න බැරි වුණා. අපි නැව එද්දි නැවට සංඥා දුන්නා නැව පොඩ්ඩක් අයින් කරගන්න කියලා. කණ්ණාඩි ඇල්ලුවා, ලයිට් ගැහුවා, ෆ්ලෑෂර් ගැහුවා හතර වටේටම. ඒ අය කිසිම සැලකිල්ලක් දැක්වූවේ නැහැ ඒවට. එහෙමම යට කරගෙන ගියා ඒ අය.

අපිව හැප්පුණාට පස්සේ බෝට්ටුවේ වතුර පිරුණා. තිබුණු මාළු සේරම වතුරට දාලා වතුරත් හිස් කරගෙනයි අපි ගොඩට ආවේ. දවස් තුනක් ගියා ගොඩට එන්න. මගේ බෝට්ටුවට ලක්ෂ හතරක වගේ ප්‍රමාණයක රෙපෙයාර් එකක් තියෙනවා දැන්. සම්පූර්ණ ටි්‍රප් එකත් ලක්ෂ හත අටක් ණයයි. පොලිසියෙයි සෝස් ගාර්ඩ් එකෙයි පැමිණිල්ලක් දැම්මා. බෝට්ටුවට අර්ධ හානි නිසා රක්ෂණ සමාගමෙන් ගෙවන්නේ නැහැ කිව්වා. මාළු ටිකත් මුහුදට දාපු නිසා ණයයි. අතින් වියදම් කරගෙන තමයි දැන් බෝට්ටුව හදන්න වෙලා තියෙන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්