පොදුජන පෙරමුණේ පුංචි ඡන්දයේ මංගල රැලිය අනුරපුරදී

  👤  2366 readers have read this article !
By mawbima 2017-10-24

නාච්චාදුව - කිත්සිරි වනසිංහ

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා වූ ප්‍රථම මංගල රැලිය අති උත්කර්ෂවත් අන්දමින් අනුරධපුරදී පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
හිටපු පළාත් පාලන නියෝජිතයන්, වෘත්තීය සමිති සාමාජිකයන් ඇතුළු පිරිසක සඳහා පෙරේදා (22දා) චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි නිවෙසේදී පැවැති දැනුවත් කිරීමේ රැස්වීමේදී මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ ආරම්භක ජන රැලිය නොවැම්බර් මස 12 වැනි දින අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එම භූමිය සඳහා එස්. එම්. රන්ජිත් සමරකෝන් මහතා විසින් මේ වනවිට අවසර ලබාගෙන තිබෙනවා. එදින පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය අබියසදී සිදුකෙරෙන ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර මුස්ලිම් පල්ලිය, හින්දුකෝවිල අබියසදී ආගමික වතාවත් සිදු කරනවා. අනතුරුව පස්වරු 2ට මේ මංගල රැලිය ආරම්භ කිරීමට සැලැසුම් කර ඇතැයිද සභාව අමතමින් හෙතෙම පැවැසීය.

මේ සඳහා පොදු ජන පෙරමුණ සමඟ සිටින සියලු පක්‍ෂවල නායකයන් ඇතුළු සාමාජිකයන් විශාල පිරිසක් සහභාගිවීමට නියමිත බවද චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්