දේශපාලන භේදයකින් තොරව ඉඩම් අයිතිය ලබාදෙන්න සියලු දෙනා සහයෝගය දියයුතුයි

  👤  2307 readers have read this article !
By mawbima 2017-10-24

සියලු දෙනාම මනුස්සයන් යැයි හිතේ තබා ගනිමින් දේශපාලන භේදයකින් තොරව ඔවුන්ගේ අයිතිය ලබාදීම සඳහා සියලුදෙනා සහයෝගය ලබාදිය යුතු බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විස¼දා එම ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ බව පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ
"එක එක කාලවල තියෙනවා ඒ ආණ්ඩුව තියෙනකොට මේ ආණ්ඩුවේ අයට බැහැ. මේ ආණ්ඩුව තියෙනකොට ඒ පැත්තෙ අයට බැහැ කියන මතය. ඒත් ඒවා මේ ආණ්ඩුව කරන්න දෙන්නේ නැහැ.

"අද ජනතාවගේ ප්‍රධානතම ගැටලුවක් තමයි තමන්ගේ ඉඩමට සින්නක්කර ඔප්පුවක් නැතිකම. ඒ සඳහා සියලුදෙනා උදවු කළ යුතුයි"
"අනුරාධපුර දිස්ත්‍රික්කයට ප්‍රමුඛත්වයක් ලබාදෙන ලෙස චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිතුමිය ඉල්ලීමක් කළා. අද අපි ඒ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා."
"ඒ ස½දහා සියලු දෙනා දක්වලා තියෙන සහයෝගය ඉතා ප්‍රශංසනීයයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ වැඩ පිළිබඳව ඉතා උනන්දුවෙන් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොඳ ඉලක්කයකට යා හැකි බව තම විශ්වාසය බවද" අමාත්‍යවරයා පවසයි.
එම අවස්ථාවට ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ, අනුරාධපුර දිස්ත්‍රික් අතිරේක දිසාපති කීර්ති ගමගේ, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත්, රජයේ මිනුම්පති ජී.එම්.පී. උදයකාන්ත, දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ මහජන නියෝජිතයන් එම අවස්ථාවට සහභාගි වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්