වාහනය ඇතුළේ දරුවකු ප්‍රසූත කරන්න කෙඳිරි ගෑ ගැබිනි කත වහාම ත්‍රීවීලරයෙන් රෝහලට යවලා:එසැණින් දරුවා බිහි කරලා

  👤  2415 readers have read this article !
By mawbima 2017-10-24

කන්තලේ - ඩබ්ලිව්.එම්. වික්‍රමසිංහ

ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් තරම් ජනතාවගේ ඇනුම්, බැනුම්වලට හසුවන පිරිසක් තවත් රටේ නැති වුවද හොඳ වැඩ කරන රත්රන් හදවත් ඇත්තවුන්ද ඔය අතර නොසිටිනවාම නොවේ. මේ එවැනි කතාවකි.
ඉකුත් දිනෙක කන්තලේ ඔරලෝසු කණුව හන්දියේදී පාර මැද එකපාරටම ත්‍රීවීල් රථයක් නතර වූ අතර රියැදුරු අන්දමන්ද වී රථය ස්ටාර්ට් කරන්න බැලුවද වැඩේ හරිගියේ නැත. කොළඹ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගය බැවින් වාහන තදබදයද ඇති විය.

සිද්ධිය දුටු අෑතින් සිටි ට්‍රැෆික් රාලහාමිලා දෙදෙනකු වහ වහා එතැනට පැමිණ බැලූවිට දුටුවේ රිය ඇතුළේ දරුවකු ප්‍රසූත කිරීමට ආසන්නව කෙඳිරිගාන ගැබිනි මාතාවකි. වහා ක්‍රියාත්මක වූ රාලහාමිලා දෙදෙනා මාර්ගයේ ගමන් කරමින් තිබූ තවත් ත්‍රීවීලරයක් නවතා ගැබිනි මාතාවද අෑ සමඟ සිටි ඇයගේ සැමියාද වහාම රෝහල කරා යැවීමට පියවර ගත්හ.

පැය භාගයක් ගත වන්නටත් මත්තෙන් රාලහාමිලා ඉදිරියට පැමිණි ගැබිනි මාතාවගේ සැමියා ඔවුන්ට වැඳ නමස්කාර කර මහත්තයලාට අල්ලා දෙවියන්ගේ සරණයි. නෝනා වාට්ටුවට ගන්නකොටම පුතෙක් හම්බවුණා. මේ උදව්ව නොකළා නම් අපි මහ කරදරේක වැටෙනවා" යි කියමින් අසරණ ලෙස බැගෑපත් වී ඇත.

සංහිඳියාවට පාර කපමින් මේ සද්ක්‍රියාව සිදුකරන ලද්දේ කන්තලේ මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන විමලරත්න (64772), විමලවීර (14533) යන නිලධාරීන්ය. ඔවුන්ගේ සද්ක්‍රියාවට පාත්‍ර වූයේ කන්තලේ පේරාරු ජනපදයේ මොහොමඩ් සාජුඩීන් (25) නමැත්තාගේ කුලුඳුල් දරු ප්‍රසූතියට පැමිණි 23 හැවිරිදි ගැබිනි මාතාවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්