අනුර කුමාරගෙන් මහින්දට අභියෝගයක්

  👤  2567 readers have read this article !
By mawbima 2017-10-24

අනුරාධා හේරත්

ව්‍යවස්ථාව සම්බන්ධව තමා සමඟ විවාදයකට පැමිණෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂට අභියෝග කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ තමාට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි කළ අභියෝගයකට පිළිතුරු දෙමින් ජවිපෙ නායකයා මේ බව පැවැසීය.
තමාට මන්ත්‍රි විමල් වීරවංශ වැන්නකු සමඟ කිසිදු විවාදයක් නොමැති බවත් හැකි නම් ඔහුගේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා තමා සමඟ විවාද කිරීමට පැමිණිය යුතු බවත් ඔහු කියයි.

ජනතා විමුක්ති පෙරමුණ රට බෙදන ව්‍යවස්ථාවකට සහාය පළ කරන බවට ඒකාබද්ධ විපක්ෂය කරන චෝදනාවට නිසි පිළිතුරු එදිනට ලබා දීමට තමා සූදානම් බව පවසන මන්ත්‍රිවරයා කියා සිටියේ විවාදය මන්ත්‍රි විමල් වීරවංශටම අවශ්‍ය නම් ඔහුට ගැළපෙන පුද්ගලයකු එවීමට කටයුතු කරන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්