ව්‍යවස්ථාව ගැන මල්වතු - අස්ගිරි තීන්දුව ළඟදීම

  👤  2702 readers have read this article !
By mawbima 2017-10-23

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දෙනම මේ වනවිට විදේශ ගත වී සිටින නිසා උන්වහන්සේලා මෙරටට වැඩිය පසු අලුතින් සකස් කිරීමට සූදානම් වන ව්‍යවස්ථාව පිළිබඳව සංඝ සභා දෙකත් සමඟ සාකච්ඡා කර නව ව්‍යවස්ථාව පිළිබඳව තමන් වහන්සේලාගේ පොදු අදහස් ප්‍රකාශ කිරීමට සූදානම් බව අස්ගිරි පාර්ශ්වයේ අනු නාහිමි අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි මහ නාහිමියෝ පැවැසූහ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 21 වැනි දින පාතදුම්බර පිටියේගෙදර රජමහ විහාරයේ විහාර මන්දිරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අනු නාහිමියෝ මෙසේද කීහ.

මේ රට සිංහල බෞද්ධ රටක් බවත් ඒ අනන්‍යතාව අනාගතයට ආරක්ෂා කිරීමට ප්‍රධාන පක්ෂ දෙකම එක්ව සිටින රජය බැඳී සිටින බවත් උන්වහන්සේ කීහ. පක්ෂ දෙකක් එකතු වූ මේ මහා දුර්ලභ අවස්ථාව පාවිච්චි කර රටට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

පළාත් සභාවලට බලය බෙදීම හොඳ වගේම නරකක්ද සිදුවන බව කී අනු නාහිමියන් පළාත් සභා ක්‍රමයට තමන් වහන්සේ අකැමැති බවත් එය තමාගේ පෞද්ගලික අදහස බවත් කීය. උපරිම වශයෙන් මේ පළාත් සභාවලට බලය බෙදීමට ගියහොත් මේ රටේ ඒකීයත්වයට ගැටලුවක් ඇති වන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්