තංගල්ලේ රිමාන්ඩ් කර සිටින අය බලන්න මහින්ද රාජපක්ෂ යයි

  👤  2625 readers have read this article !
By mawbima 2017-10-23

තංගල්ල - සහම්පති මානගේ

රිමාන්ඩ් සිර භාරයේ ඉන්න කොඩිකාර මහත්තයා, නීතිඥ අජිත් ඇතුළු සියලු දෙනාම බැලුවා. අලුත් බන්ධනාගාරයක් හදලත් තාම වැස්සට තෙමෙන අබලන් වෙච්ච හිරගෙදර මේ අය තියාගෙන ඉන්නවා. මේක විවෘත කරලා තාම මේ අය යවලා නැහැ. අසාධාරණයි. මෙච්චර එකක් තියාගෙන මොකටද මේ අය යවන්නේ නැතුව ඉන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. වහාම මුලින්ම කරන්න තියෙන්නේ මේ හිරගෙදර මාරු කරන එක. මොකද මේක එක පැත්තකින් මහ වදයක් ඒ ඇතුළේ ඉන්න අයට.
හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පැවැසූයේ පෙරේදා (21දා) තංගල්ල බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය. බන්ධනාගාරගතව සිටින මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසගේ සුවදුක් විමසීමට ඔහු තංගල්ල බන්ධනාගාරට පැමිණියේය.
එහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

"හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීමට අපි මුහුණ දෙනවා. අපි මීට ඉස්සරවෙලා ඊට වඩා උදවියගේ ඒවට මුහුණ දුන්නනේ. හැබැයි කවදාවත් ප්‍රේමදාස මහත්තයා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මන්ත්‍රිවරු හිරේ දැම්මේ නැහැ. මම පාද යාත්‍රා, ජනඝෝෂා, මිනිස් දම්වැල්, උද්ඝෝෂණ කීයක් කළාද. වාසුදේව නානායක්කාර කොච්චර කළාද. ඉතින් අපි ඒවා සංවිධානය කරලා එළියට බැහැලා රාජ්‍ය දේපළ විකුණනවට විරුද්ධව කතා කරලා ඒවට ඉඩ දීලා තිබුණ මන්ත්‍රිවරුන්ට. එහෙත් අද ඒ අයිතියත් උදුරගෙන.ඡන්ද අයිතිය උදුරගෙන. ඡන්දයක් නැහැ. ජනතාවගේ ඡන්ද බලය උදුරගෙන තියෙනවා. මන්ත්‍රිවරු මේ ආකාරයෙන් ඔවුන්ගේ අයිතියක් ඒක. ඒ අයිතිය උදුරගෙන තියෙනවා. උද්ඝෝෂණය කරන්න තියෙන අයිතිය. මෙතැන ගල් ගැහුවේ කවුද කියන එක හොඳටම පැහැදිලි නේ. තට්ටු දෙකේ ගෙදරක ඉ¼දලා කරපු වැඩේ ඔක්කොම දැකල තියෙනවා. ඒවායේ වීඩියෝ දර්ශන අරන්නේ ඉන්නේ. සම්පූර්ණ මේක දේශපාලන වුවමනාවට අනවශ්‍ය වැඩපිළිවෙළක් තියෙන්නේ."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්