සෞඛ්‍ය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල වැඩ අනුව සාධාරණයක් පැතීම බරපතළ ගැටලුවක්

  👤  2605 readers have read this article !
By mawbima 2017-10-23

සවනි ශේශාධි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්තමාන ක්‍රියාකාරීත්වයෙන් වෛද්‍ය ආඥා පනතට මෙන්ම විශ්වවිද්‍යාල පනතට සාධාරණය ඉටුවේ දැයි යන්න බරපතළ ගැටලුවක් පමණක් නොව ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සහ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වළපල්ලට යෑම සහතික කිරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයට පවරා ගත්තායැයි පැවැසූ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් කාර්ය මණ්ඩලයේ තොරතුරු ඉල්ලා තමන් යැවූ ලිපියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් එහි කාර්ය මණ්ඩලය පිළිබඳව කිසිදු තොරතුරක් තමන් සතුව නැතැයි කළ දැනුම් දීමත් සමඟ එම රෝහල රජයට අයත් යැයි සනාථ නොවන පසුබිමකින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්ය මණ්ඩලය හෝ එහි ප්‍රතිකාරයන් ගැන වගකීමක් සෞඛ්‍ය අමාත්‍යංශයට ගත හැකි දැයි ගැටලුකාරී බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රජයට පවරා නොගත් පෞද්ගලික රෝහලක් වෙනුවෙන් දිගින් දිගටම මහජන මුදල් යෙදවීමෙන් සිදුවන රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි කරන බවද ලේකම්වරයා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්