තරගාවලියේ අනු ශූරතාව ජනමාධ්‍ය අමාත්‍යාංශයට

  👤  2776 readers have read this article !
By mawbima 2017-10-23

ඉන්දියාවේ ආත්‍රියා ක්‍රිකට් ඇකඩමිය සංවිධානය කළ ආත්‍රියා මාස්ටර්ස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ජනමාධ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් ඊට සහභාගි වූ ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර්හි ආත්‍රියා ක්‍රීඩා පිටියේදී පැවැති මෙම අවසන් තරගය පන්දුවාර 10කට සීමා වී තිබිණ. ඒ අනුව පළමුව ලකුණු රැස්කළ සමන් කුමාරගේ නායකත්වයෙන් යුත් ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායම කඩුලු 6කට ලකුණු 114ක් ලබාගත් අතර, එයට පිළිතුරු සැපයූ ආත්‍රියා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකර ගියේය.

එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ ඉන්ද්‍රජිත් ප්‍රතාපසිංහ, පුළිඳු ගයාන් සහ දිනූෂ මධුරංග පිළිවෙළින් කඩුලු 3ක බැගින් බිඳ හෙලූ අතර, තරගාවලියේ හොඳම පිතිකරු සම්මානය හිමිවූයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇසිදිසි කණ්ඩායමේ නුවන් ප්‍රසාද්ටය. තවද හොඳම කඩුලු රකින්නා සම්මානය නායක සමන් කුමාරටත්, හොඳම පන්දු රකින්නා සම්මානය මංජුල සූරියගේටත් හිමිවී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්