ලංකාව තරගාවලිය 1-1ක් ලෙස සමකර ගනී

  👤  2599 readers have read this article !
By mawbima 2017-10-23

සංචාරක ශ්‍රී ලංකා "ඒ" හා බටහිර ඉන්දීය කොදෙව් "ඒ" කණ්ඩායම් අතර පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 280ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත සිවුදින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සමකර ගත්තේය.
ජැමෙයිකාවේ ත්‍රිලෙව්නි ක්‍රීඩා පිටියේදී පැවැති මෙම තරගයේ ලකුණු 425ක ඉලක්කයක් පසුපස හඹා ගිය කොදෙව් ක්‍රීඩකයන්ට මලින්ද පුෂ්පකුමාරගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අවසානයේදී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 144ක් පමණි.

දසුන් ශානක ලබාගත් අගනා ශතකය (නොදැවී 102) හේතුවෙන් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 294ක් ලබාගත් අතර, එයට පිළිතුරු සැපයූ කොදෙව්වන් පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 137ක් පමණි. ලකුණු 157ක වාසියක්ද සමඟින් දෙවැනි ඉනිම ලකුණු 267කට කඩුලු 9ක්ව තිබියදී නවතා දැමූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 425ක දැවැන්ත ඉලක්කයක් කොදෙව්වන්ට ලබා දුන්නේය.

මෙම තරගාවලියේ කොදෙව් පළමු ඉනිමේදී හා දෙවැනි ඉනිමේ කඩුලු 6 බැගින් දවාලූ මලින්ද පුෂ්පකුමාර මුළු තරගයේදීම ලකුණු 98කට කඩුලු 12ක් ලබාගැනීමද කැපී පෙනුණි.
දෙපිළ අතර පැවැත්වෙන තීරණාත්මක තෙවැනි සිවුදින තරගය එළැඹෙන 26දා කිංස්ටන්හී ෂබීනා පාක් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්