නැති වෙන්නට දෙයක් නැති ලංකාවට වෙනසක් කරන්නට ඇති තරගය අදයි

  👤  2605 readers have read this article !
By mawbima 2017-10-23

සිරිනාම රාජපක්‍ෂ

වෙනසක් සිදුකරන්නට දෙයක් ඉතිරිව නැති එසේම නැතිවෙන්නට දෙයක්ද නැති ශ්‍රී ලංකා කණඩායම අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව මෙවර තරගාවලියේ අවසන් හා පස්වැනි එක් දින තරගයට සහභාගී වන අතර මෙම තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුව හොත් නොකඩවා 12වැනි ජාත්‍යන්තර එක් දින තරගයද පරාජය ලබා තවත් නව වාර්තාවකට ලංවීම සටහන් කරනු ඇත. ශ්‍රී ලංකාව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග වදින 80වැනි එක් දින තරගය ලෙස සටහන් වන මෙම තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිත අතර පසුගිය සිකුරාදා පැවැති තරගයෙන්ද කඩුලු 7ක අන්ත පරාජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකා පිල අවසන් වරට මෙම ක්‍රීඩංගණයේදී තරග වැදුණ එක් දින තරග 5ම පරාජයට පත්වි ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සාජා ක්‍රිඩාංගණයේදී මෙතෙක් සහභාගී වූ එක් දින තරග 79න් ජයග්‍රහණය කර ඇත්තේ තරග 29ක් පමණක් වන අතර ශ්‍රී ලංකා වත්මන් එක්දින කණ්ඩායම මේ වන විට පෙන්වන දක්‍ෂතා සලකා බැලීමේදී අද තරගයෙන්ද ජය ගනු ඇතැයි යන විශ්වාසයක් තැබීමට විශේෂ හේතුවක්ද සඳහන් කළ නොහැකිය.

මෙතෙක් පැවැති එක් දින තරග හතරේදීම පරාජය වූ ආකරය සහ මින් පසුව එළැඹෙන තරග තුනකින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට අදාළව කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම ප්‍රධාන පුහුණුකරුවා ඇතුළු නිලධාරීන්ද විවිධ මතයන්ගේ පිහිටා සිටීම තුළ ශ්‍රී ලංකා කණ්ඩායම අද දින යහපත් මානසිකත්වයකින් තරගයට පිවිසෙනු ඇතැයිද යන සැකය නිසා වෙනදාට වඩා යහපත් ප්‍රතිඵලයක් ලැබුණහොත් එය විශේෂිත සිදුවීමක් වනු ඇත. කෙසේ වෙතත් තුන් වැනි එක් දින තරගයේ සිට වෙනස් කම් සිදුකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිඵලයන්හි වෙනසක් සිදුනොවන බැවින් අද තරගයේදී ඔවුන්ගේ වෙනසක් සිදු කරන්නට තරම් ඉඩක් නොමැති අතර තරගාවලිය 5-0ක් ලෙසින්ම කෙළවර කරගැනීමේ අදහසින් ප්‍රතවාදී පාකිස්තානුවන්ද අද තරගයේදී අත්හදා බැලීම්වලට නොයාමට බොහෝ දුරට ඉඩ ඇත.

මේ අතර පසු ගිය සිව්වැනි එක් දින තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙම්න් එම තරගයේදී ලකුණු 62ක් ලබා ගත් ළහිරු තිරිමාන්න කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ වගකීම් නිසි ආකාරයෙන් ඉටු නොවීම නිසා මෙවන් පරාජයන්ට හේතුවක් වූ බවයි. ක්‍රියාත්මක කළ සෑම සැලැසුමක්ම අසාර්ථක වූ බවද පැවැසූ තිරිමාන්නගේ අදහස වූයේ කෙසේ හෝ අද අවසන් එක් දින තරගයෙන් ජයගෙන ජයග්‍රාහී සටහනකින් තරගාවලිය කෙළවර කිරීමට සෑම උත්සාහයක්ම දරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්